ඩොලර් 68,000 ක අත්-ඔර්ලෝසුව සොයාගෙන
බ්‍රිතාන්‍ය සංචාරකයෙකුට අයත් ඩොලර් 68,000ක් වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔර්ලෝසුව සොයා ගෙන ඇති බව වාර්තා වේ.
ඩුබායි පොලිස් කිමිදුම්කරුවන් විවිධ බාධක ජය ගනිමින් මීටර් 11.5ක් ගැඹුරට ගොස් වටිනා අත් ඔර්ලෝසුව සොයා දීමට කටයුතු කර ඇත.
බ්‍රිතාන්‍ය ජාතිකයා යාත්‍රාවකින් ගොස් පාම් ජුමෙයිරා මුහුදු ප්‍රදේශයේ කිමිදෙමින් සිටි අතරතුර අත් ඔර්ලෝසුව අතින් ගැලවී ගොස් ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)