චාජරයක් පිපිරීමෙන් දරුවන් 5ක් මරුට
මොරොක්කෝවේ ටෙමාරා නගරයේ මහල් නිවාසයක දුරකථන චාජරයක් පිපිරීමකින් දරුවන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වර්තා වේ.
දිගු වේලාවක් දුරකථන චාජරය විදුලියට සම්බන්ධ කිරීම හේතුවෙන් පුපුරා ගොස් ගින්නක් ඇති වී ඇති අතර, විෂ දුම ආග්‍රහණය වීම හේතුවෙන් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත.
වයස අවුරුදු 3 ත් 12 ත් අතර ළමුන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, පිළිස්සීම් දක්නට තිබු බව මෙරොක්කෝ මාධ්‍ය වාර්තා කරයි.
මොරොක්කෝ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රබාත් නුවර)