ගුරුවරයෙකුට වසර 5ක සිරදඩුවමක්



කුවේටයේ ගුරුවරයෙකුට වසර පහක සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

සමාජ ජාල මාධ්‍ය හරහා අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන යවා අසභ්‍ය ආකාරයෙන් තමන් සමඟ හැසිරෙන ලෙස පාසල් සිසුවාට ප්‍රකාශ කර ඇති බවට පරීක්ෂණවලින් ඔප්පු වීමෙන් පසු අදාල සිරදඩුවම නියම කර ඇත.

පාසල් ගුරුවරයා සිදුකළ සියළු දේ පොලීසිය ඉදිරියේදි පාපොච්ඡාරණය කළ බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS