කෘත්‍රිම බුද්ධි වෛද්‍ය මධ්‍යස්ථානයක් සෞදියේ



සෞදි අරාබියේ කෘත්‍රිම බුද්ධි වෛද්‍ය ප්‍රතිකාර සේවයක් සහ වෛද්‍ය මධ්‍යස්ථානයක් මේ වනවිට ආරම්භ වී ඇත. 

සෞදි අරාබියේ මේ අයුරින් කෘත්‍රිම බුද්ධි වෛද්‍ය ප්‍රතිකාර සේවයක් සහ වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ වූයේ චීනයේ ද සහාය ඇතිවය. මෙම කටයුත්තට චීනයේ ‘සයිනයි ඒ.අයි.’ කෘත්‍රිම බුද්ධි සමාගම සහ සෞදියේ ‘අල්මූසා’ නමැති රෝහල් ජාලය අත්වැල් බැඳගෙන ඇත.

කෘත්‍රිම බුද්ධි වෛද්‍ය සායනය පිහිටා ඇත්තේ ‘අල් අෂ්සා’ පළාතේය. වෛද්‍ය සායනයට යන ඕනෑම අයකුට පරිගණක ජාල ඇසුරින් කෘත්‍රිම බුද්ධි වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීම කළ හැකිය. කෘත්‍රිම බුද්ධි ජාලයට ලෝකයේ නන්දෙසින් පිළිගත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැනුම මුසු කර ඇති බැවින්, රෝග විනිශ්චය, අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ඒ අනුව සිදුවෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS