කුවේටයේ අන්තර්ජාලය ජංජාලයක් වෙයි



සෞදි අරාබිය සහ කුවේට් අතර ඇති Falcon සබ්මැරීන් කේබලයේ සිදුවී ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අන්තර්ජාල සේවාවන් අඩපන වු බව කුවේටයේ සන්නිවේදන සහ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සාමාන්‍ය අධිකාරිය පවසයි.

ජාත්‍යන්තර මුහුදේ ඇති වූ තාක්ෂණික දෝෂය හේතුවෙන් කුවේටය පුරා අන්තර්ජාල සේවාවන්ට බලපෑමක් එල්ල වු බව අල් කබාස් පුවත්පත වාර්තා කළේ ය.

අන්තර්ජාල සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා විකල්ප ජාත්‍යන්තර කේබල් හරහා සම්බන්ධ වීමට සන්නිවේදන අධිකාරිය සමඟ සම්බන්ධීකරණයෙන් දේශීය සේවා සපයන්නන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව අධිකාරිය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline කුවේට් නගරය)

RECOMMEND POSTS