කුරාණය ගිනි තැබීම පාප්තුමාගේ අප්‍රසාදයට



අධිකරණයේ අවසර ලබා ගනිමින්, ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර, ප්‍රධාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනිතැබීමේ සිද්ධිය ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ දැඩි විරෝධයටත් අප්‍රසාදයටත් හේතුවක් වී ඇත.

'භාෂණයේ නිදහස' සහ 'අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය' බව පවසමින් ශුද්ධ වූ කුරාණයේ පිටපත් පුළුස්සා දැමීමට ස්වීඩන රජය අවසර දීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පාප්තුමා පවසා ඇත්තේ එමිරේස් රාජ්‍යයේ අරාබි බසින් පළවන 'අල් පුවත්පත සමග අදහස් දක්වමිනි.


RECOMMEND POSTS