කමේනිගෙන් අනතුරු



ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, ඊශ්‍රායලයට පමණක් නොව ඇමෙරිකාවට ද අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, ඊශ්‍රායලය ඇමෙරිකාවේ සහාය ඇතිව ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙනි.

85 හැවිරිදි ඉරාන උත්තරීතර නායකයා මේ බව පැවැසුවේ, තෙහෙරාන් විශ්ව විද්‍යාලයේ සිසුන් අමතමින් කළ දේශනයක් අතරතුරේය. එම දේශනය පැවැත්වූයේ 1979 වසරේ ඉරාන විපල්වය සිහිපත් කිරීමක් වශයෙනි.


RECOMMEND POSTS