කඳවුරක් පුපුරවන්න හැදු අයකුට සිරදඩුවම්
ඇමරිකානු හමුදා කඳවුරක් පුපුරුවා හැරීමට කුමන්ත්‍රණය කළ කුවේට් හමුදා නිලධාරියෙකුට වසර 10 ක සිර දඬුවමක් ලබාදී ඇති බව වාර්තා වේ.
කුවේටයේ පිහිටා ඇති ඇමරිකානු හමුදාවට අයත් අරිෆ්ජන් කඳවුර පුපුරවා හැරීමට කුමන්ත්‍රණය කිරීමට සහ පුපුරුවා හැරීමට පුද්ගලයින් දිරිමත් කර ඇති බව සොයාගැනීමෙන් පසු අදාල හමුදා නිලධාරියාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
කුමන්ත්‍රණකරු බෝම්බ සෑදීම ඉගෙන ගෙන පුපුරණ ද්‍රව්‍ය පිර වු පටියක් භාවිතා කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිට ඇත.
ISIS සංවිධානයට සහය පළ කරන වීඩියෝ පට ප්‍රසිද්ධ කර ඇති අතර, ඒවාට සම්බන්ධකම් ඇති බව පසුව අනාවරණය විය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)