ඊජිප්තුවට තිරුඟු සපයන්න යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඊජිප්තුවට වසර පහකට තිරිඟු සැපයීම සඳහා ඩොලර් මිලියන 500 ක ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

වසරකට ඩොලර් මිලියන 100 ක් වටිනා පස් අවුරුදු ගිවිසුම මගින් ඊජිප්තුවට ආනයනික තිරිඟු තරඟකාරී මිල ගණන් යටතේලබා දීමට එමිරේටය කටයුතු කරයි.

ලෝක බැංකු ණය ආධාර මඟින් තිරිඟු ආනයනය සඳහා මුදල් සපයා ගෙන ඇත.

යුක්‍රේන යුද්ධය සමඟ ඊජිප්තු ආර්ථිකය විශාල ලෙස කඩා වැටීමකට ලක් වී ඇති අතර, විදේශ මුදල් අර්බුදයකටද ගොදුරු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - ඩුබායි නුවර)

RECOMMEND POSTS