ඉරාන විදේශ ඇමැති පාකිස්තානයේ සංචාරයක



ඉරාන විදේශ ඇමැති හුසේන් අමීර් අබ්දොල්හානී පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියේය. ඒ, තෙදින නිල සංචාරයක් ආරම්භ කරමිනි.

අබ්දොල්හානී ඉස්ලාමාබාද් බලා පැමිණියේ, පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවන් බූතෝ සර්දාරිගේ ඇරැයුමකට අනුවය. ඉරානය සහ පාකිස්තානය අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කිරීම තම සංචාරයේ අරමුණ බව අබ්දොල්හානී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

අබ්දොල්හානී සමඟ ඉරාන රජයේ ඉහළ නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් ද පාකිස්තානයට පැමිණි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


RECOMMEND POSTS