ඉරාන පල්ලියට අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක්



ඉරානයේ, ෂිරාස් ශුද්ධ නගරයේ, ෂා ෂෙරාග් ෂියා මුස්ලිම් පල්ලියට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින්, 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 කි. තුවාල ලැබූවන් කීපදෙනකුගේ තත්ත්වය බරපතල බව පැවැසෙයි. රෝහල් ආරංචි මාර්ග පෙන්වා දී ඇත්තේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

වෙඩි තැබීම සිදුවූයේ පල්ලිය බැතිමතුන්ගෙන් පිරී තිබියදීය. ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් බාර ගනු ලැබ ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය සුන්නි ෂියා ගැටුමක් බවය.

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වැඩි දෙනා සුන්නි මුස්ලිම් අන්තවාදීන්ය. වෙඩි තැබීම සිදුවෙද්දී, දේවස්ථානයේ ආරක්ෂක අංශ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, වෙඩි තැබීම කළ තැනැත්තා අත්අඩංගුවට ගත්තේය.


RECOMMEND POSTS