ඉරානය සතුන් උඩ යවයි



ඉරානය සතුන් කීපදෙනෙකු අභ්‍යාවකාශ ගත කළ බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය. ඉදිරි වසර කීපයේදි, මිනිසුන් අභ්‍යාවකාශ ගත කිරීමට පෙර සූදානමක් ලෙස සතුන්ව අභ්‍යාවකාශයට රැගෙන යෑමට කටයුතු කළ බව ඉරාන විදුලි සංදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

2013 දී, වඳුරෙකු සාර්ථකව අභ්‍යවකාශයට යැවීමට කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙවර අභ්‍යාවකාශ ගත කර ඇත්තේ කුමන ආකාරයේ සතුන්ද යන්න අමාත්‍යවරයා  සඳහන් කර නැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews - ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS