ඉන්දියාවත් සෞදියත් අතර වෙළෙඳ හවුලක්
යුරෝපය හරහා ඉන්දියාවත් සෞදි අරාබියත් යා කරමින්, නව වෙළෙඳ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ සෞදියේ සල්මාන් කුමරු අතරේ එකගතාවක් ඇති කර ගැනුණි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූයේ ‘ජී20’ සමුළුව අතරතුරේය. නවදිල්ලි අගනුවර පැවැත්වුණු ‘ජී20’ සමුළුවට සෞදි අරාබිය සහභාගී වූයේ ආරාධිතයකු ලෙසය.
ඉන්දියාව සහ සෞදි අරාබිය අතරේ ආරම්භ වන මෙම නව වෙළෙඳ ව්‍යාපෘතියට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ජෝර්දානය, ඊශ්‍රායලය, යුරෝපා සංගමය ද හවුල් වනු ඇතැයි පැවැසෙයි.