ඇමෙරිකන් යෝජනාව ආරක්ෂක මණ්ඩලයට



ඊශ්‍රායල හමාස් ගැටුම විසඳීමේ අරමුණින්, ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. 

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර, ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් කිසිවකුගෙන් ඊට විරෝධයක් එල්ල වූයේ නැත. රුසියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියේය. 

පියවර තුනකින් සමන්විත මෙම සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ මැදිහත් වීමෙනි. ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය, සටන් විරාම යෝජනාව සකස් කිරීමේ දී ඇමෙරිකාවට සහාය පළ කර තිබේ.
යෝජනා ක්‍රියාත්මක වුවහොත්, පළමුවෙන් සති 6 ක සටන් විරාමයක් ඇරැඹෙයි.

එම කාලයේ ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින පලස්තීනුවන් නීප දෙනකු නිදහස් කිරීම සහ පලස්තීන ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් කීප දෙනකු නිදහස් කිරීම සිදුවනු ඇත. සටන් විරාමය සාර්ථක වුවහොත්, ඉන්පසු ඊශ්‍රායල හමාස් අර්බුදයට දේශපාලනික මට්ටමින් විසඳුම් සෙවීම ආරම්භ වනු ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS