කැපිල්ලට හසු වූ වාහන පර්මිට්
රාජ්‍ය සේවකයන් සඳහා සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කරනු ලැබූ සියලුම චක්‍රලේඛ සහ නියෝග 2015-11-22 දින යහපාලන රජයේ මංගල අයවැය ලේඛනය අනුව අවලංගු කෙරිණි. මෙලෙස තමන් මෙතෙක් කල් ලැබූ වර ප්‍රසාදයක් හිටි අඩියේ අවලංගු කිරීම පිළිබඳ එම සහනය හිමි ශ්‍රී ලංකා පරිපාලන සේවය, වෛද්‍ය නිලධාරි සේවය, විගණන සේවය, ගණකාධිකාරි සේවය ආදි සේවා ගණනාවක නිලධාරින් ආණ්ඩුවට දැඩිව චෝදනා කිරීම හේතුවෙන් යම් යම් සංශෝධන සමඟ යළිත් එම වරප්‍රසාදය අදාළ නිලධාරින්ට ප්රදානය කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
මුදල් ඇමැතිතුමා මේ සඳහා පසුගිය මාර්තු 26 වැනිදා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරන ලදුව මැයි 24 දින එයට අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2016 නිකුත් කර ඇති අතර ඒ මත පදනම්ව මුලින් තිබූ සහනදායි පදනම මත මෝටර් රථ ලබාගැනීමේ අවස්ථාව යළිත් රාජ්‍ය සේවකයන්ට හිමිව ඇත.
රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථා අැත, ආයතනවල සේවය කරන ජ්‍යෙෂ්ඨ විධායක මට්ට ෙම් පරිපාලන, කළමනාකරණ හා වෘත්තිමය තනතුරැවල නිරතවන නිලධාරින් සඳහා සහනදායි පදනම මත මෝටර් රථ ආනයනය කිරීම සඳහා සහ දේශීයව නිෂ්පාදනය කළ මෝටර් රථ මිලදී ගැනීම සඳහා අදාළවන කොන්දේසි මෙම චක්‍රලේඛය මගින් පනවා ඇත. මෙය තමන් ලැබූ අයිතිවාසිකමක් ලෙස නොසලකන හැටියටද රජය වරින් වර ගන්නා තීරණවලට මෙම විධිවිධාන යටත්වන බවද චක්‍රලේඛයේ දැක්වේ.
මුදල් අමාත්‍යංශය විවිධ අවස්ථාවල රාජ්‍ය නිලධාරින්ට සහන පදනම මත මෝටර් රථ ලබාදීම පිළිබඳ චක්‍රලේඛ නිකුත් කර තිබුණු අතර පසුගිය යහපාලන ආණඩුව බලයට පත්වූ පසු එකවරම මෙම වරප්‍රසාදය නැවැත්වීමට කටයුතු කර තිබුණි. ඔවුන් පැවසුවේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය මෙම සහනදායි ක්‍රමය මත මෝටර් රථ සඳහා බලපත්‍ර ලබාදීම සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කර සියල්ල අවුල් ජාලයක් බවට පත්කර තිබූ නිසා විධිමත් කිරීමට කාලයක් අවශ්‍ය බවය. එසේම රටේ මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන පරිදි සහනදායි බලපත්‍ර යටතේ වාහන ගෙන්වා තිබුණු අතර ඇතැම් වාහන රටට ඔරොත්තු නොදෙන තරමේ විශාල වශයෙන් ඉන්ධන දහනයවන ඒවා වීම නිසා විදේශ විනිමය නාස්තියක්ද සිදුව තිබූ බවද ආණ්ඩුව පවසා තිබුණි.
පසුගිය රජය ස්වකීය පෞද්ගලික අවශ්‍යතා පෙරදැරි කරගෙන කිසිදු සැලසුමකින් තොරව විවිධ පුද්ගලයන්ට මෙම සහනය ලබාදී තිබුණු අතර ඇතැම් පන්සල්වල ස්වාමීන් වහන්සේලාට මෙන්ම මත්කුඩු ව්‍යාපාරිකයන්ටද බලපත්‍ර ලබාදී තිබූ බවද ප්රචාරයට පත්විය. එපමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගෙන් පටන්ගෙන ප්‍රාදේශීය දේශපාලනඥයන්ටද, ශ්රාමසේවකයන්, වගානිලධාරින් ආදි රාජ්‍ය නිලධාරින්ට සහන පදනම මත යතුරැ පැදි ලබාදීම දක්වා මෙම තත්ත්වය දුර දිග ගොස් තිබුණි.
යහපාලන රජය සහනදායි පදනමට මෝටර් රථ නිකුත් කිරීම නවත්වා දැමුවද ටික දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සඳහා වාහන බලපත්‍ර ලබාදීමට යළි ආරම්භ කළේය. මෙහිදී ඔවුන් පිළිබඳ ලිහිල් ප්‍රතිප්තතියක් අනුගමනය කරමින් මුලින් මෙම සහනය ලබා තිබූ මන්ත්රීවරැන්ටද යළිත් බලපත්‍ර නිකුත් කෙරැණු අතර ඒවායේ ඇන්ජින් ධාරිතාවේ ප්‍රමාණය පවා වෙනස් කරන්නට යෙදුණි.
රාජ්‍ය සේවකයන් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් මෝටර් රථ බලපත්‍ර ලබාදීම නවතා දමා දේශපාලනඥයන්ට පමණක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සුදුසුකම් ඇති නිලධාරීන් කලකිරි සිටි අතර ඇතැම් අවස්ථාවල මෙම තත්ත්වය වෘත්තිය ක්‍රියාමාර්ග දක්වා වර්ධනයවීමේ ප්‍රවණතාවක් උද්ගත විය. එම පරිසරය මත නවතා තිබූ රාජ්‍ය සේවක මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීමේ සහනදායි යෝජනා ක්‍රමය යළි ආරම්භ කිරීමට රජයට සිදුවූ අතර 2016-07-14 දින නිකුත් කළ චක්‍රලේඛය එහි ප්රතිඵලයකි.
ඒ වක්‍රලේඛය අනුව ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක තනතුරක වසර හයක සක්‍රීය සේවා කාලයක් සපුරා ඇති නිලධාරින් මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර තවත් සේවා කාණ්ඩ 12ක නිලධාරින්ටද මෙම වරප්‍රසාදය උරැම කර ගත හැකිවී තිබේ. එසේ වුවද මෙම යෝජනා ක්‍රමය යටතේ තමන් මුලදී හිමිකර ගෙන තිබූ වරප්‍රසාද සමහරක් අහිමිවී ඇති අතර මුලදී සහන ලැබූ වටිනාකම පිළිබඳවද එය ගණනය කළ ක්‍රමවේදය පිළිබඳවද විෂමතා ඇති බවට ඇතැම්හු චෝදනා කරති. එසේම මෝටර් වාහන ලබාගත හැකි වාර ගණනද සීමා කර ඇති බවට චෝදනා නැගේ. තවද ඇතැම් සුදුසුකම් ඇති තනතුරැ කිහිපයක් සඳහා මෙම සහනය අහිමිකර ඇති අතර විදුහල්පති සහ ගුරැ සේවය ඒවා අතර විශේෂයෙන් කැපී පෙනේ.
මේ පිළිබඳ කරැණු අනාවරණය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරි සංගමයේ සභාපති රංජිත් ආරියරත්න මහතා මෙසේ කියයි. &නතර කර තිබූ මෙම වරප්‍රසාදය යළි අපට ලබාදීම පිළිබඳ වත්මන් ආණ්ඩුවට මුලින්ම ස්තූතිවන්ත වෙනවා. අප වැනි මාණ්ඩලික නිලධාරින් විශාල වගකීමක්ද දරන රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්රවල සේවයේ නිරත වූවන්. අපට වෙනත් නිලධාරින්ට වගේ අතිකාල දීමනා හා වෙනත් අතිරේක වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. දවසේ පැය 24ම රාජකාරියට කැපවී සිටින්නේ. දිවා රාත්‍රි කියා වෙනසක් නැහැ. එම දුෂ්කර තත්ත්වය මධ්‍යයේ මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරින් දරණ කැපකිරීම මත සලකලයි මෙම හිමිකම ලබාදී ඇත්තේ.
පසුගිය ආණ්ඩුසමයේ මෙම වරප්‍රසාදය මුළු රටටම බරක් වූවා. මෙව අවභාවිතයට ලක්වූ බව පැවසිය යුතුයි. දේශපාලන අල්ලසක් වශයෙන් මෙම සහනය ප්රදානය කරන තරමට තත්ත්වය පහළ වැටුණා. ඒ නිසා එය නතර කිරීම සාධාරණයි. එය විධිමත් අයට පමණක් දීම සාධාරණයි කියලා අපිත් හිතනවා. එසේ වුවත් මෙම චක්‍ර ලේඛයෙන් අප මුලින් ලැබූ ඇතැම් වරප්‍රසාද අහිමිකර තිබෙනවා*.
ඔහු පවසන්නේ මෙම වාහන වසර 5ක් දක්වා පැවරීම නිලධාරින්ට තහනම් වුවත් දේශපාලඥයන්ට මෙම තහනම බල නොපාන බවයි. ඔවුන් රාජ්‍ය නිලධාරින් ගෙන්වන වාහන වලට වඩා එන්ජින් ධාරිතාව වැඩි සුඛෝපභෝගි වාහන ආනයනය කර ඒවා අලෙවි කර විශාල ආදායමක් ලබන අතර එය රාජ්‍ය සේවකයකු මුළු සේවා කාලය තුළ උපයන ආදායමට වඩාවැඩි බව සභාපතිවරයා කියයි.
එසේම මෙම චක්‍ර ලේඛයේ විධිවිධාන පෙර කාලයටද බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ යුතු අතර දැනට විශ්‍රාම යාමට ආසන්න වයසේ සිටින නිලධාරින්ට අසාධාරණයක් සිදුවීමට ඇති ඉඩ වැඩිය. ඒ නිසා විශ්‍රාම යාමට වසර 5කට පෙර හිමිකර ගත හැකිවන පරිදි මුලින් තිබූ චක්‍රලේඛය ඒ අය සඳහා ක්‍රියාත්මක කරන ලෙස ඔහු ඉල්ලයි.
තවද කලින් චක්‍රලේඛය පරිදි වාහනය සඳහා එරට නිෂ්පාදන වටිනාකමෙන් සියයට 25-40 අතර සහනයක් දුන් නමුත් අලුත් චක්‍රලේඛය අනුව මෙරට සියලු බදු අයකිරීමෙන් පසු සියයට 50ක සහනයක් දිම තමන්ට අවාසිදායක වෙන බවද ඔහු කියයි.
&සේවා කාලය තුළ වාහන බලපත්‍ර දෙකක් ලැබෙන බව සඳහන් වුවද අලුතෙන් තනතුරැවලට නොපැමිණ රාජ්‍ය සේවයේ වෙනත් තනතුරැ දරා සිට මාණ්ඩලික සේවයට බැඳෙන සමහර නිලධාරින් විශ්‍රාම යන වයස දක්වාම සේවය කළද වසර 35 සපුරාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ නිලධාරින්ට අවම වශයෙන් බලපත්‍ර දෙකක් හෝ ලබාගැනීමට හැකිවන්නේ නැහැ. මෙවැනි අයට විශ්‍රාම ගැනීමට පෙර තවත් වාහනයක් ලබාගැනීමට හැකිවන පරිදි චක්‍ර ලේඛයේ සංශෝධන සිදුකරනවා නම් හොඳයි. ඒවගේම අද රටේ පවතින මාර්ග පද්ධතියේ තත්ත්වය මත සහ අපට ඇති අධික රාජකාරි නිසා ධාවනය කිරීමට ඇති දුර ගැන සලකා බලනවිට වසර 5කට වඩා වාහනයකින් කාර්යක්ෂම සේවයක් ලබාගත නොහැකියි. ඒ නිසා වාහන දෙකකට වඩා ලබාගත හැකිවනසේ මුලින් පැවැති ක්‍රමයට මෙම චක්‍රලේඛය සංශෝධනය කළ යුතුයි*.
සභාපතිවරයා පවසන්නේ මෙම සංශෝධන හා අදාළ වෙනත් කාලීන වෙනස් කිරීම පිළිබඳ තම සංගමය මේ වනවිට කමිටුවක් මගින් සාකච්ඡා කරමින් සිටින අතර ඒ පිළිබඳ වාර්තාවක් සකස් කර එය මුදල් අමාත්‍යංශ ලේකම් වෙත නුදුරැ දිනක ඉදිරිපත් කර ස්වකීය ගැටලුවලට සහනයක් ලබාගැනීමට උත්සාහ කරන බවය.
යසවර්ධන රැද්රිගු