අඟහරු මැද ජලය
අඟහරු හෙවත් රතු ග්‍රහයා පිහිටා ඇත්තේ, හිරුගේ සිට සිවුවැනි ස්ථානයේය. රතු ග්‍රහයා යනුවෙන් අඟහරු හැඳින්වෙන්නේ, එය රතු පැහැයෙන් පෙනෙන බැවිනි. මෙම රතු පැහැයට හේතුව, අඟහරු මතුපිට ඇති පස් සහ දූවිලිවල අඩංගු යකඩ, ඛනිජ ඔක්සිකරණය වීම නිසාය. අඟහරුගේ ධ්‍රැව ප්‍රදේශවල අයිස් ඇති බවත්, අඟහරු වායු ගෝලයේ ජල වාෂ්ප ඇති බවත් තහවුරු වී ඇත. එසේ වුවත්, අඟහරු කර්ශක තැනකි. පස් සහ දූවිලිවලින් පිරුණු නිසරු තැනකි. අඟහරු මතුපිට ජීවය පැවැතීමට හේතු වන ප්‍රධාන සාධකය ලෙස සැලෙකන ද්‍රව ජලය නැත. ජල වාෂ්ප අඩංගු වුවත්, අඟහරු වායු ගෝලය ද ජීවීන්ට හිතකර නැත. එහෙයින් අඟහරු මත ජීවය නැත. ඒ බව ස්ථිරය. අඟහරු මතුපිට ජීවය නැති වුවත්, අඟහරු අභ්‍යන්තරයේ, ජීවීන් සිටීමට ඉඩ ඇතැයි ඇමෙරිකා නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. නාසා විද්‍යාඥයන් මෙසේ පැහැදිලි කර ඇත්තේ අඟහරු අභ්‍යන්තරයේ ජලාශ ඇති බවට ඔවුන්ට අලුත් සාක්ෂි හමුවී ඇති නිසාය.
නාසා ආයතනය අඟහරු ගවේෂණයට කක්ෂීය රොබෝ ගවේෂණ යානා යවා ඇත. අඟහරු මතුපිට ගවේෂණයට ලෑන්ඩර් වර්ගයේ පතිත කරවන යානා සහ එහෙමෙහෙ රොබෝ රෝවර් යානා යවා ඇත. එපමණක් නොව, අඟහරු අහසේ පියාසර කිරීමට 'ඉන්ජිනියුටි' යන නමින් නම් කළ ඩ්‍රෝන හෙලිකොප්ටර් යානයක් ද නාසා විද්‍යාඥයෝ අඟහරුට යවා තිබේ. අඟහරු අහසේ පියාසර කළ පළමු හෙලිකොප්ටර් යානය මෙය වීම විශේෂත්වයකි. අඟහරු අභ්‍යන්තරයේ, එසේත් නැතිනම් අඟහරුගේ හරයේ හිඩැස් අතරේ ජලය රැස්වී ජලාශ ඇති බව නාසා විද්‍යාඥයන්ට සොයා දුන්නේ 'ඉන්සයිට්' නමැති ලෑන්ඩර් වර්ගයේ රොබෝ යානයයි.
'ඉන්සයිට්' යානය 2018 දී අඟහරු මතට පතිත කෙරුණි. මෙම ගවේෂණ යානය සුවිශේෂී එකකි. මෙය අඟහරු වෙත යැවීම කළේ අඟහරුගේ භූ කම්පන මැනීම සඳහාය. 2022 දී 'ඉන්සයිට්' සිය මෙහෙයුම් අවසන් කළ අතර, අඟහරු මතුපිට භූ කම්පන සම්බන්ධයෙන් දත්ත බොහෝ ප්‍රමාණයක් රැස් කළේය. එම දත්ත ඉන්පසු නාසා විද්‍යාඥයන්ට ලැබෙන්න සැලැස්වූ අතර, මේ වනවිට ඒවා අධ්‍යයන කිරීම සිදුවෙයි. එසේ එම දත්ත අධ්‍යයනය කිරීමේ දී භූ කම්පන තරංග, අඟහරු අභ්‍යන්තරය තෙක් විහිදෙන ආකාරය හඳුනාගෙන අඟහරු අභ්‍යන්තරයේ ජලාශ ඇති බව සොයා ගැනුණි. 'ඉන්සයිට්' යානය, හසුකරගත් සහ මැන බැලූ අඟහරු භූ කම්පන ගණන 1,319 ක් යැයි නාසා ආයතනය පවසයි.
මෙම අඟහරු භූ කම්පන, නාසා විද්‍යාඥයන් සලකා ඇත්තේ, අඟහරුගේ 'නාඩි වැටීම්' ලෙසය. භූ කම්පන තරංග ගමන් කරන ආකාරය අනුව, එම තරංග ගැටෙන්නේ පස් සමඟ ද, නැතිනම් ජලය සමඟ ද යන්න විද්‍යාඥන්ට අවබෝධ කර ගත හැකිය. ජලාශ හමුවූයේ ඒ අනුවය. පෘථිවි අභ්‍යන්තරයේ තෙල් සහ ස්වභාවික වායු නිධි ඇතිදැයි සොයා බලන ක්‍රමවේදය, 'ඉන්සයිට්' රොබෝ ගවේෂණ යානය, අඟහරු සඳහා භාවිත කර තිබේ. හමුවුණු ජලාශ ඇත්තේ අඟහරු මතුපිට සිට කිලෝ මීටර් 10 ක් හෝ 20 ක් පමණ ගැඹුරිනි. එහෙයින් එතරම් දුරක් කැණීම් කිරීම කළ නොහැකිය. මෙම ජලාශවල බැක්ටීරියාවන් ජීවත් වුවත්, උන් අඟහරුවාසීන් ලෙස සැලෙකයි. පිටසක්වළයන් ලෙස ද සැලකෙයි. ජලාශ ඇති බවට සාක්ෂි ලැබුණත්, ජීවීන් සිටින බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමුවී නැත.
අඟහරු මතුපිට, ඈක අතීතයේ එනම් වසර බිලියන ගණනකට පෙර ජීවීන් සිටින්න ඇති බවට සාක්ෂි හමුවී අවසන්ය. ඒ රොබෝ යානා අඟහරු කැණීම්වලින් ලබා ගත් පස් සාම්පල අධ්‍යයනය කිරීමෙනි. අඟහරු මතුපිට රොන් මඩ අංශු ඇත. ඒ, විල්, ජලාශ, දිය පාරවල් තිබුණු බැවිනි. ඈත අතීතයේ අඟහරුට හිතකර වායු ගෝලයක් තිබෙන්න ඇති බවත් එය අවුරුදු මිලියන 3 කට පෙර විනාශ වී යන්න ඇති බවත් විද්‍යාඥයන්ගේ අදහසය. වායුගෝලය විනාශ වෙද්දී අඟහරු මතුපිට ජලය අතුරුදන් විය. එම ජලය සියල්ල අභ්‍යවකාශයට වාෂ්ප වී යන්න ඇතැයි මෙතෙක් අනුමාන කෙරුණි. කෙසේ නමුත් නව සොයා ගැනීමත් සමඟ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ අඟහරු මතුපිට ජලය සියල්ල එහි අභ්‍යන්තරයට ගලා යන්න ඇති බවත්, ජලාශ බිහිවී ඇත්තේ එම ජලගයෙන් බවත්ය
අඟහරු ග්‍රහයා ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ මාර්ස් (Mars) යන නමිනි. ඒ, යුද්ධයට අධිපති රෝම දෙවියන් සිහිපත් කරමිනි. අද වනවිට අඟහරු ග්‍රහයාට ඇත්තේ තුනී වායුගෝලයකි. අප සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණමය ග්‍රහයන්ගෙන් කෙනකු වන්නේ ද අඟහරුය. අඟහරු මතුපිට කඳු, තැනිතලා, කාන්තාර දකින්න ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙස දැනට හඳුනාගෙන ඇති ඔලිම්පස් කන්ද පිහිටා ඇත්තේ අඟහරු මතුපිටය. මෙම භූගෝලීය ලක්ෂණවලට අමතරව, අඟහරුගේ භ්‍රමණ කාලය සහ දේශගුණික සෘතු රටා පෘථිවියට බෙහෙවින් සමාන වෙයි. 2025 යළිතක් වරක් සඳ තරයෙන් පසු නාසා ආයතනය අඟහරු ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් රැසක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. අඟහරුට ගගනගාමීන් යවා, අඟහරු මත ජනපද පිහිටුවා, අඟහරු වායුගෝලය, හිතනකර ලෙස සකස් කර ගැනීමටත්, අඟහරු මත භෝග වගා කිරීමටත් නාසා ආයතනය සැලැසුම් කර තිබේ.
1965 වසරේ දී 'මැරිනර් 4' රොබෝ ගවේෂණ යානය අඟහරු අසලින් ගමන් ගන්නා තුරුම අඟහරු ග්‍රහ පෘෂ්ඨය මත ද්‍රව ජලය ඇති බව අනුමාන කෙරුණි. මෙම අනුමානය පදනම් වුයේ විශේෂයෙන් ම ධ්‍රැවාශිත අක්ෂාංශ වල දක්නට ලැබුණු අඳුරු සහ ලා පැහැති පැල්ලම් හේතුවෙනි. එම පැල්ලම් සමුද්‍ර සහ අර්ධද්වීප ලෙස පෙනුණු අතර, අඳුරු ඉරි, ඇතැම් නිරීක්ෂකයින් විසින් අර්ථකථනය කළේ ද්‍රව ජලය සහිත ජල මාර්ග ලෙසය. කෙසේ නමුත් එම අඳුරු ඉරි දෘෂ්ටි මායාවක් බව පසුව ගවේෂණවලින් තහවුරු විය. අඟහරුට පෝබෝස් සහ ඩෙයිමෝස් නමින් චන්ද්‍රයන් දෙදෙනකි. මේවා අඟහරුගේ ගුරුත්ව බලයට හසුවුණු කුඩා ග්‍රහකයන් විය හැකි යැයි ද පැවැසෙයි. පෘථිවියේ සිට පියවි ඇසින් අඟහරු ග්‍රහයා දැකගත හැකි අතර එහි විශාලත්වය 2.9 කි. එහි දීප්තිය දෙවැනි වන්නේ සිකුරු ග්‍රහයාට, චන්ද්‍රයාට සහ සූර්යයාට පමණි. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දී බ්‍රහස්පති ග්‍රහයා අඟහරුට වඩා දීප්තිමත්ව පියවි ඇසට දකින්න ලැබේ.
ස්තුතිය - නාසා ආයතනයට