විභාග භීතිකාව නැති කර ගනිමු



විභාග බොහෝ විට දරුවන් තුළ 'බිය' ඇති කරවන සාධකයකි. සියලුම වයස් කාණ්ඩවල සිසුන්, විභාග හේතුකොට ගෙන 'විභාග භීතිකාව' ඇති කර ගනී. සමහරු ඊට සාර්ථක අන්දමින් මුහුණ දෙන අතර, තවත් සමහරුන්ට ඊට සාර්ථකව මුහුණ දන්නේ නැත. විභාගයට පෙර, විභාග වලට ඇති බිය හේතුවෙන් විභාගය දා අඩු දක්ෂතා පෙන්නුම් කරයි. විභාග බිය ජය ගැනීමට කළ හැක්කේ මොනවද? මේ කියන්න හදන්නේ, ‘විභාග බිය’ ජය ගැනීමට සහ ’විභාග බිය’ නිසා හටගන්නා ආතතිය අඩු කරගත හැකි ක්‍රම කිහිපයකි.

1. අමාරු පාඩම් හෝ අමාරු විෂයන් කෙරෙයි වැඩි අවධානයක් දීම:

විභාගය ආසන්න මොහොතේ, කලබලකාරී බැවින් මිදී, සැහැල්ලුවෙන් ඊට මුහුණ දීමට මෙමගින් හැකියාව ලැබේ. අමාරු පාඩම්වලට වැඩි අවධානය යොමු කරන සිසුන්ට, කිසිදු ආතතියකින් හෝ පීඩනයකින් තොරව පිළිතුරු ලිවීමට හැකි වෙයි. එමගින් අවසාන මොහොතේ ඇතිවන භීතිය වළක්වා ගැනීමට උපකාර වෙයි.

2. කාල සටහනකට අනුව වැඩ කරන්න:

ශිෂ්‍යයකු ලෙස, ඔබ වැඩි වැඩියෙන් අධ්‍යනය කළ යුතු විෂයයන් ගැන ඔබ හොඳින් දනී. අමාරු යැයි සිතන විෂයන් සඳහා වැඩි කාල වේලාවක් වෙන් කරමින්, ඒකාකාරී ලෙසම පාඩම් වැඩ වල නිරත නොවී අතර මැදින් විවේකයක් ලැබෙන ලෙස කාල සටහන සකසා ගත යුතුයි. ඔබ සතියේ දින 7 සඳහාම ඔබේම කාලසටහනක් නිර්මාණය කළ යුතුය.

3. කෙටි සටහන් සාදාගන්න :

පාඩම් කිරීමට පහසු වෙන පරිදි කෙටි සටහන් සාදා ගත යුතුය. අපහසු පාඩම් හොදින් මතක තබා ගත හැකිවන පරිදි කෙටි සටහන් සාදාගත යුතුය. ඉන්පසු ප්‍රමුඛතාවයේ අනුපිළිවෙලට ඒවා පෙළ ගැස්විය යුතුය. ඔබට කාලසටහන සංශෝධනය කිරීමට හෝ ඔබේ අවශ්‍යතා සරිලන පරිදි එය වෙනස් කළ හැක.

4. විෂයයන් මිශ්‍ර කිරීම:

කාලසටහනක් සෑදීමේදී හෝ ප්‍රස්ථාරගත කිරීමේදී, උදෑසන එක් විෂයයක් සහ සවස් වරුවේ තවත් විෂයයක් හැදෑරීම වඩාත් සුදුසුය. එකම විෂය හැදෑරීම ඔබට කම්මැලි බවක් හෝ මනස නීරස බවක් දැනෙනු ඇත. විෂයයන් දෙකක මිශ්‍රණයක් ගෙන උත්සාහ කිරීම සාර්ථක ක්‍රමයකි.

5. දවසේ ඉලක්කය තබා ගන්න :

අරමුණකින් තොරව, ඔබ ජීවිතයේ කිසිවක් සාක්ෂාත් කර ගැනීමට ක්‍රමයක් නැත. දිනයක් සඳහා ඉලක්කයක් නියම කර ගත යුතුය. ඔබ ආවරණය කළ යුතු පරිච්ඡේද හෝ මාතෘකා සටහන් කර ඇති පරිදි, දිනවලට සාපේක්ෂව මෙම පරිච්ඡේද පාඩම් කර අවසන් කළ හැකිය.

උදාහරණය ලෙස : පෙබරවාරි 13 වැනිදා

9.00 සිට 12.00 දක්වා : ඉතිහාසය - 15, 16 පරිච්ඡේද

2.30 සිට 5.30 දක්වා : ඉංග්‍රීසි  – 5 ,6 පරිච්ඡේද

6.00 සිට 8.00 දක්වා : භූගෝල විද්‍යාව  – 11 වන පරිච්ඡේදය

9.00 සිට 12.00 දක්වා : ගණිතය – 12 ,13 පරිච්ඡේද

එබැවින් සෑම දිනකම ඉලක්කයක් තිබීම, ඔබ විභාගයට පෙර හොඳින් අවධාරණය කිරීමට වග බලා ගත යුතුය. ඔබ එලෙස අරමුණු සහගතව වැඩ කිරීමට හුරුවීමෙන් ඔබ ඕනෑම වැඩක් කිරීමේ ද මේ ආකාරයට පිළිවෙළින් සිදු කිරීමට හුරුවනු ඇත.

6. විවේක සඳහා කාලය වෙන් කරන්න:

කාල සටහනක් සකස් කිරීම පහසු කාර්යයක් නොවේ. කාල සටහන සාදන විට , විවේකය සඳහා ද වේලාවක් වෙන් කළ යුතුය . උදාහරණ ලෙස - ඔබ ස්නානය කිරීම සඳහා, වොෂ් රූම් භාවිතා කිරීම සඳහා, ඇඳුම් සේදීම සඳහා, ඔබ කාමරය පිරිසිදු කිරීමට ආදිය. මේ සියල්ල විවේකයක් ලෙස සැලකිය හැකිය. ඉන්පසු ඔබේ රාත්‍රී ආහාරය, දිවා ආහාරය, උදෑසන ආහාරය ද ඇතුළත් කරන්න. පැය 3 ක හෝ 4 ක පරතරයකින් සංගීතයට සවන් දීම පවා නරක නැත. විටින් විට විවේකය ලබා ගනිමින් පාඩම් කරන කරන විට උද්යෝගයෙන් එය සිදුකළ හැකිය.

7. හොඳින් නිදාගන්න:

සිසුහු බොහෝ විට විවේක නොගෙන පාඩම් කරති. දහවල් කාලයේදී නිදා ගැනීම බොහෝ විට ඔබේ මොළයට සහ ඇස්වලට විවේකයක් ලබා දේ. නින්ද නිසා ලැබෙන විවේකයෙන් පසු ඔබට නැවුම් බවක් දැනෙනු ඇත. රාත්‍රී නිදිවරාගෙ පාඩම් කිරීම සුදුසු නැත. රාත්‍රියේදී, අවම වශයෙන් පැය 6-7 ක නින්දක් ලබා ගැනීම අනිවාර්ය වේ. එවිට ඔබට ඊළඟ දවසේ අධ්‍යයන කටයුතුවලට සාර්ථක අන්දමින් මුහුණ දිය හැකිය.

8. කෙටි සටහන් සාදා ගැනීම:

පාඩම් කරන අතරතුර, කෙටි සටහන් සාදා ගන්නා සිසුන්ට විභාග කාලය තුළ අඩු වේලාවකින් කරුණු කාරණා මතක තබා ගත හැකිය. සටහන් කෙටි විය යුතුය. නැතිනම් ඊතල ලකුණු මගින් ඉතා කෙටි කර සටහන් සෑදිය යුතුය. සමහර සිසුන් විභාග අතරතුර මතක තබා ගැනීම සඳහා වෙනස් සංකේත සමඟ නිරූපිත පින්තූර ආකෘතියෙන් ලියයි. එවැනි සටහන් මගින් මතක තබා ගැනීමට පහසු වෙයි. විෂය අධ්‍යනය කිරීමට අපහසු බව ඔබට හැඟෙන විට මෙය අනුගමනය කළ හැකිය.

9. ප්‍රශ්නය හොදින් තේරුම් ගෙන උත්තර ලියන්න:

පිළිතුරු ලිවීමට පෙර, ප්‍රශ්නය කියවා හොදින් තේරුම්ගත යුතුය. ඔබ ප්‍රශ්නය හොදින් තේරුම් ගෙන සිටින විට, ඔබට ඉක්මනින් පිළිතුරු ලිවීමේ හැකියාව ලැබේ. සිසුන් බොහෝ විට සිතන්නේ සටහන් තැබීම යනු ක්‍රියාකාරකම් පිටපත් කිරීම පමණක් බවය. එය එසේ නොවේ. ඔබ මාතෘකාව තේරුම් ගෙන ඇති දේ මත සටහන් ලිවිය යුතුය. පාඩම සම්පූර්ණයෙන්ම අකුරු නොකළ යුතුය.

10. හයිලයිටර් භාවිතා කිරීම:

ශිෂ්‍යයෝ බොහෝ විට වැදගත් කරුණු ලකුණු කිරීම සඳහා හයිලයිටර් භාවිතා කරති. හයිලයිටර් භාවිතා කිරීමෙන් එය මතක තබා ගත යුතු වැදගත් සටහන කුමක්දැයි පහසුවෙන් දැන ගැනීමට ශිෂ්‍යාට උපකාරී වනු ඇත. ඇසට අපහසු නොවී, ප්‍රිය මනාප අන්දමින් මෙය කළ යුතුය.

සටහන - ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS