රෝද තුනකට දෙන සුද්දේ...



 

අපිට කියලා තියෙන්නේ පිටින් අතදාන හයර් ගන්න එපා කියලා. ඒත් කොම්පැණියෙන් කතාකරලා දෙන ඒවාට කොම්පැණියටත් ගාණක් දෙන්න වෙන නිසා අපි කවුරැ හරි අත දැම්මොත් නවත්තනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. කොම්පැණියෙන් දෙන හයර් එකක් ගිහිල්ලා ඒ යන කෙනා සල්ලි ගෙව්වේ නැත්තම් කොම්පැණියෙන් අපිට සල්ලි ගෙවනවා. අපි කොම්පැණියට පිටින් ගිහිල්ලා කෙනෙක් නග්ගවගෙන හයර් එකේ කේස් එකක් ගියොත් අපිට සල්ලි ඉල්ලගන්න කෙනෙක් නෑ...

 

 

ඉතින් එහෙම සල්ලි නොදුන්න ඒවා තියෙනවාද...?*
අප්පේ, ඕන තරම්...*
දැන් බස් සංකල්පයටත් අභියෝග කරමින් දැන් මහපාර ජයගන්නට යත්න හරන්නේ ටැක්සි හෙවත් කුලීරථය. ීරෝද රථයෙන් එදා ඇරඹුණු නූතන කුලී රථ සේවය තුළ දැන් ධාවනට වන වාහන විශාල ගණනකි. නැනෝ කාර් රථයේ සිට ඉහළ මට්ටමේ උදවියට සේවය සපයන්නට බෙන්ස් රථය දක්වා පරාසයක කුලී රථ දැන් මහපාරේ දැකගත හැක. බෙන්ස් රථයේ ගමන් යන උදවියට නැති ශ්න නැනෝ රථයේ හා ීරෝද රථයේ යන අයවලුන්ට තිබේ. අද අපි පාරට බැස්සේ ීරෝද රථයේ හා නැනෝ රථය මහපාරේ කරකවන පිරිසට ඇති ගැටලු ගැන කතා කරන්නට ය. &ආටා* එකේ රත් වී මීටරේට දුවන අයියලාගේ කතා අසන්නට කවුරැත් නැතැයි යන්න ඔවුන් හැමදා නඟන චෝදනාවයි.

 


දවසක් මගේ වාහනේට නැග්ගා කොල්ලෙක් නුගේගොඩින්. මිනිහට බම්බලපිටියට යන්න ඕන කිව්වා. මමත් මිනිහාවත් එක්කගෙන ගියා බම්බලපිටියට. එතකොට හවස 4ට වගේ ඇති. බම්බලපිටියේ ඉඳලා ගියා කොටුවට. අලුත්කඩේ උසාවිය ළඟින් එයාගේ ගෑනු ළමයා ගන්න ඕන කිව්වා. එයාවත් එක්කගෙන ආපහු ගියා කොල්ලුපිටියට. ගිහිල්ලා ගෑනු ළමයා එක්ක කඩේකින් කෑවා. මම වාහනේට වෙලා බලන් හිටියා. ඒ ඉවරවෙලා ඇවිල්ලා නැගලා යමු කිව්වා නාවලට. නාවලින් ගෑනු ළමයා බැස්සුවා. මෙයා ඊළඟට නුගේගොඩ මාකට් එක ළඟට ආවා. මට පහළින් ඉන්න කියලා ගියා උඩට. මොනවද බඩුවගයක් ගන්න. එතකොට රූ 8 විතර වෙලා. මට එකපාරට මතක් වුණා මේ වෙලාවට මාකට් එක වහලා නේද කියලා. මම පිටිපස්සේ සීට් එක බැලුවම මෙයාගේ බෑග් එකක්වත් ඒකේ නෑ. මිනිහා ඔක්කොම අරගෙන තමයි ගිහින් තියෙන්නේ. මම එතන වාහනේ නවත්තලා දිව්වා උඩට. කොහේද ඉතින්.... මම යද්දි මොකෙක්වත් නෑ. මිනිහා මිසින්. රැපියල් 3000ක් විතර ගෙවන්න තිබුණා මට. සතියෙම හම්බ කළ සල්ලි ඉවරයි එහෙම එකක් වුණාට පස්සේ. කරන්න දෙයක් නෑ. ඔහොම තමයි...

 


පොලීසියට ගියේ නැද්ද..?
මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. වැඩක් වෙන එකක් නෑ. මට නම් මිනිහා ඕන වෙලාවක අඳුරගන්න පුළුවන්. මේක මහ ලොකු රටක් නෙවෙයිනේ. ඕකා මට කවදා හරි හම්බවේවිනේ. එදාට බලාගන්නවා. දැන් ඉතින් පාඩම් ඉගෙන ගෙන තියෙන නිසා පරිස්සම් වෙනවා...


ඒ එක්තරා කතාවකි. කොළඹ යක්ෂ පුරවරයේ අපමණ කතා සැඟව තිබේ. බොහෝ ඒවා කියැවෙන්නේ අපට නොඇසෙන්නටය. දෙවැනි කතාව ඇසෙන්නට කියැවුණේ බොරැල්ලේ සිට නාරාහේන්පිට දෙසට යන්නට නැඟගත් ී රෝදරථයේදීය.


බොරුල්ලෙන්ම දවසක් නැග්ගා නෝනා කෙනෙක්. කරපු බලු වැඩේට උන්ට නෝනා කියන්නත් හොඳ නෑ. ඒ ගෑනි තඩි බෑග් දෙකක් උස්සගෙන නැග්ගා. බෑග් දෙකේම බරට මොනවාද පිරිලා තිබුණා. මමත් උදව් කළා පටවාගන්න. මහ දවාලේ නැඟලා කිව්වා ගම්පහට යමු කියලා. මමත් ඉතින් හොඳ හයර් එක නිසා මීටරේ එහෙම දාලා දෙයියනේ කියලා බේස්ලයින් පාරදිගේ ඇදලා ගියා.

මඟ ැපික් වලට අමුවෙන්ම කට්ටකාලා මෙයාව ගම්පහට යන්න කැලණි පාලම ළඟින් නුවර පාරට දැම්මා. මෙයා කිරිබත්ගොඩදී තව මොනවාද ගන්න ඕන කිව්වා. ඒ කිව්ව ඒවා අරන් එනකම් මම හිටියා. ඒ ඉඳලා ආයෙත් ගම්පහට යන්න පිටත් වුණා. කොහොම හරි ගම්පහටත් එහා ගිහින් මෙයා කඩයක් ළඟ නතර කළා ගෙදරට ගෙනියන්න මොනවද මන්දා ගන්න ඕන කියලා. බැහැලා ගියා විනාඩි පහෙන් එනවා කියලා. මීට ඉස්සෙල්ලාත් මම මෙහෙම බැහැලා ගිය පොරවල් නිසා ලණු කාලා තියෙනවා. ඒත් මෙයා ගැන බයක් ආවේ නැත්තේ එයාගේ බඩු තියෙන බෑග් දෙක වීල් එකේ තියෙන නිසා. මේ ගෑනිට හයර් එකට වඩා බෑග් එක වටින නිසා මම දන්නවා ආපහු එනවා කියලා. කිසිම බෑග් එකක් නැතිව අරම බැහැලා ගියා නම් මමත් පස්සෙන් ගිහින් පෙනෙන තෙක් මානෙන් ඉන්නවා. එදා අර බෑග් තිබුණ නිසා මම සෆාන් එකේ වාඩිවෙලා හිටියා. යකෝ මේ ගෑනි විනාඩි 15ක් ගිහිල්ලත් ආවේ නෑ.

පස්සේ බැරිම තැන මම බැහැලා ගිහින් කඩේ ඇතුළේ බැලුවා. ඇතුළේ හොයාගන්න බැරිවුණා. පස්සේ මම කැෂියර් එකෙන් ඇහුවා හැඩරැව කියලා මෙහෙම ගෑනු කෙනෙක් ආවාද කියලා. ආවා කිව්වා. ඇවිල්ලා ඒ කඩේ නැති මොකද්ද එකක් අහලා ඒ වෙලාවෙම එළියට ගියා කිව්වා. මට නිකමට තේරැණා මේ පාරත් මට බඩු බනිස් කියලා. කරන්න දෙයක් නෑ. ඇවිල්ලා හයර් එක බලද්දි රැපියල් 3500ක් විතර තියෙනවා. තව ටිකක් වෙලා බැලුවා වෙන කඩේකට ගිහිල්ලා හරි ඒවිද කියලා. එයාගේ බෑග් දෙක හරි මගේ ළඟ ඇපේට තියෙන නිසා බයක් නෑ. පස්සේ මට තේරැණා ගෑනි මාව ඇන්දුවා කියලා. මම පැන්නා පස්සේ සීට් එකට. ඇරියා බෑග් දෙක. මේකේ තියෙන මොකක් හරි මඟුලක් විකුණලා මගේ ගාණ කවර් කරගන්න. බෑග් එක බැලුවට මට ෂුවර් වුණා මාව ඇන්දුවා කියලා...


ඇයි..බෑග් වල මොනවාද තිබුණේ....
බෑග් එකේ තිබුණේ ලී කුට්ටි වගයක්           මහත්තයා. මට කන්නද ඒ ටික, රැපියල් 3500ක් දීලා ළිපේ දාන්න ලී කුට්ටි ටිකත් අරගෙන එදා රූට ගෙදර ගියා. අපි මේ රෝද උඩ ආතල් එකට දුවන්නේ නෑ. මේකේ ලීසිං එක තියෙනවා. පොලීසිවලින් ලිව්වාම දඩ ගෙවන්න ඕන. අපිටත් දරැවෙක් ගෑනියෙක් ඉන්නවා. උන්ට කන්න දෙන්න ඕන. මෙහෙම බලු වැඩ කළාම ඕවාට උත්තර උඩ ඉන්න දෙවියෝ දෙන්නේ අත්පය නැතිව උප්පත්තිය දීලා තමයි. දවසෙම ගිනි අව්වේ එක එකාට පක්කිලිකම් කරලා හම්බ කරන සතෙන් තියෙන ලාබේ ඉවරයි සතියකට අරවගේ ඒවා එකක් සෙට් වුණාම. දැන් ඉන්නේ පුදුම කපටි මිනිස්සු අප්පා. එක සැරයක් මම කොටුවෙන් මහත්තයෙක් නග්ගව ගත්තා බොරුල්ලේ බැංකුවකට එන්න. කොටුවේ ඉඳලා බැංකුවට ඇවිල්ලා බහිද්දි තමයි දන්නේ කොටුවේදි මහත්තයාගේ පර්ස් එකට ගහලා කියලා. මට දෙන්න නෙවෙයි, මිනිහාට ආපහු යන්නවත් සල්ලි නෑ. අත් දිගට ඇඳලා කිට මරලා හිටියාට අපි වගේම ජීවත් වෙන්න ගේම ගහන මිනිස්සුනේ මහත්තයා. මම දුන්නා රැපියල් දාහක්. මට නම්බරේ දීලා, මගේ නොම්බරෙත් ඉල්ලගෙන ගියා. මෙන්න සති දෙකකට පස්සේ මට කතා කරලා මාව බොරුල්ලෙදීම හම්බවෙලා එදා හයර් එකයි, මගෙන් ගත්ත සල්ලියි, එයාගේ සතුටට සිල්ලර බඩු බෑග් එකකුත් දීලා ගියා. අපිටත් පට්ට හැපි මහත්තයා එහෙම වුණාම. ආයෙත් දවසක මේ කොළඹ කවුරැ හරි මිනිහෙක් එහෙම අමාරැවේ වැටුණාම අපිට හිතක් පපුවක් උණුවෙනවා. ඒ මිනිහට උදව් කරන්නෙ අරම මිනිස්සු නිසා. මේ සටකපටි සමහර මිනිස්සු කරන වැඩ නිසා නම් ඕකුන්ව ඉතිරි කරන්න හිතෙන්නේ නෑ...

 

ඒ ීවීල් රියැදුරාම අපට හඳුන්වා දුන්නේ තවත් අපූරැ සිදුවීමකට මුහුණ දුන් අයෙකි.
&මට වුණේ ඕකේ අනිත් පැත්ත. මීට ඉස්සෙල්ලා සැර දෙකක් මාව ඔහොම අන්දලා ගෑනු අය බැහැලා ගිහින් තියෙනවා. ඒ හින්දා මම කරන්නේ කවුරැ හරි එහෙම යනවා නම් වාහනේ ශේප් එකේ නවත්තලා මමත් යනවා පස්සෙන්. එක දවසක් මගේ වාහනේට නැග්ගා කෙල්ලෙක්. බොරුල්ලේ ඉඳලා මීතොටමුල්ලට යන්න ඕන කිව්වා. මමත් ලෝලෙවෙල් පාර දිගේ හැන්දෑවේ 6.30ට විතර ගියා. මේ කෙල්ලවත් අරගෙන මීතොටමුල්ලට. ඒකිම මගෙත් එක්ක කතාව පටන් ගත්තා. තනියම සුපිරි කෑල්ලක් එක්ක යද්දි කතා කර කර යන්න කවුද අකමැති. මේකිම කිව්වා එයා නිතරම මෙහෙම හයර් යනවා, අයියට කතා කරන්නම්, මට අයියගේ නම්බරේ දෙන්න කියලා. මම නම්බරෙත් දුන්නා. මේ ගෑනි වැල්ලම්පිටිය හරියෙදි ඇතුළේ පාරකට දාන්න කිව්වා. දාලා ඇතුළට ඇතුළට ගිහිල්ලා එක තැනක නවත්තලා මට පොඩ්ඩක් වෙලා ඉන්න, එයා ඉක්මනට එනවා කිව්වා. මම මීට කළින් කාලා තියෙන නිසා මමත් මේකි පේන මානෙන් පස්සෙන් ගියා. 


ඇතුළේ ගෙවල් පේළියක් අස්සට යද්දි මමත් හෙමින් ගියා. ඒ වෙද්දි 7 පැනලා. කළුවරයි. මෙන්න එක පාරට සෙට් එකක් ඇවිත් මාව වටකරගත්තා. වටකරගෙන පිහියක් තිව්වා බඩට. මම හිතුවේ මම අර කෙල්ල පස්සෙන් ගිය නිසා කියලා. මම කිව්වා මගෙත් එක්ක හයර් එකක් ආවා. පරිස්සමට පස්සෙන් ආවේ කියලා. එහෙම්මම මගේ කනට ගහලා මගේ අතේ තිබුණ සල්ලියි, ෆෝන් එකයි, මාලෙයි, මුද්දයි ඔක්කොම ගලවලා ගත්තා. මම එතනම ඉවරයි. පස්සේ වාඩි කරලා පාගගෙනත් හිටියා. විනාඩි දහයක් විතර මාව තියාගෙන ඉඳලා තමයි මට යන්න දුන්නේ. 


මම වීල් එක ළඟට එද්දි වාහනේ කෑලි බරගාණක් ගලවලා. රැපියල් විසිදාහක විතර බඩු ගලවලා. මට පුදුමයි මුන් මෙච්චර ඉක්මනට කොහොම ගැලෙව්වාද කියලා. මට එපාම වෙලා හිටියේ. කාට කියලා කියන්නද? මෙන්න ටික වෙලාවකින් අර කෙල්ල ආවා අපි යමු අයියේ කියාගෙන. මම දන්නවා මට ගේමක් දුන්නෙ මෙයා කියලා. ඒත් මට මැරැම් නොකා එන්න නම් එතන ඒ කෙල්ල එක්ක ලෙඩක් දාගෙන බෑ. කෑලි ගලවද්දි සෙට් එක වීල් එකේ ලයිට් දෙකත් ගලවලා තිබුණා. මට යන්න විදියක් නෑ. මම අර කෙල්ලට කිව්වා නංගි යන්න අමාරැයි. මාව සුද්ද කළා කියලා. මේකි කිසි ගාණක් නැතිව කිව්වා එහෙනම් අයියේ මෙතෙන්ට එනකම් හයර් එක කීයද, ඒක දීලා මම වෙන එකක යන්නම් කියලා. ඒකි හයර් එක දීලා පයින් ගියා ඉස්සරහට. මම යාළුවෙක්ට කෝල් කරලා අමාරැවෙන් වැඩේ කරගෙන එන්න ආවේ...


පොලීසි..?
ගියා. පස්සේ පොලීසිය කතා කළා යමු සිද්ධිය වුණ තැනට, ගිහිල්ලා වටේ අයගෙන් විස්තර අහමු කියලා. එහෙම බෑ මහත්තයා. මම උන්ව අල්ලලා දෙනවා නම් ඒක කරන්න ඕන ආයෙත් වීල් වල දුවන එක නවත්තන්න ලැහැස්ති වෙලා. නැත්තම් අනිවාර්යයෙන්ම මගේ වාහනේට හයර් එකක් විදියටම ඇවිත් බෙල්ල කපලා යාවි...


මේ දැලි පිහියෙන් කිරි කෑමකි. ඒ කිරි කෑමත් මීටරේට, ගාණට මිම්මට කිලෝමීටර් ගණනටය.

 විමුක්ති රත්නමලල 

 


RECOMMEND POSTS