පාසල් දරුවන්ගේ ලොකුම හිසරදයට බෙහෙත් දෙන්න කාලය හරි
ළමා රෝග විශේෂඥයන් පිරිසක් තම අතට හුරැපුරැදු ස්ටෙතස්කෝප් පසෙකට කර ඒ වෙනුවට බෑග් සහ පොත්පත් අතට ගෙන සිටින්නේ අකුරට වැඩ ව්‍යාපාරයක් හේතුවෙන් නොවේ. &විභාගයක්* පැවැත්වීම සඳහාය. වෛද්‍ය වෘත්තියට අයත් බෑග් සහ මහා පරිමාණයේ වෛද්‍ය ශාස්ත්‍රිය පොත්පත් වලින් බැහැරව ඔවුන් මේ ඇස ගසන්නේ පාසල් බෑග්වලට සහ පාසල් පොත්පත් දෙසටය. එම බෑග් සහ පොත්පත්වල අධික බර දරා සිටීම හේතුවෙන් පාසල් සිසු දරැවන් ලෙඩ කරවීමට හේතුවන කරැණු ගැන සොයා බැලීමටය.
හඬක් අහිමි පාසල් දරැවන් අත්විඳින මේ &පීඩනයේ* බරට හඬක් දීමට දැන් ඉදිරිපත්ව සිටින්නේ වෙනත් පිරිසක් නොව බලවත් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ සංගමයයි.
මෙරට අධ්‍යාපන ක්රමයේ දුර්විපාක හේතුවෙන් පාසල් ළමුන් මුහුණ දෙමින් සිටින කායික සහ මානසික සෞඛය ගැටලු කෙරෙහි එකී සංගමයේ අවධානය යොමු කරමින් සිටී. වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පාසල් විෂය මාලාවට එකතුවන කරැණු ගොඩගැසීම් හේතුවෙන් පාසල් ළමුන්ගේ මනසට ප්‍රමාණයට වඩා සිදුවන බලපෑම් පිළිබඳව සැලකිල්ලට නොගැනීම මේ තත්ත්වය තවදුරටත් තීව්‍රකර තිබෙන බව පෙනී යන කරැණකි.
ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥයන්ගේ සංගමයේ &පාසල් අධ්‍යාපන ව්‍යාපෘතියේ* එක් කොටසක් වන්නේ මේ කරැණ ගැන සොයා බැලීමය. එහි මුල් පුටුවල සිටින්නේ සංගමේ වත්මන් සභාපති වෛද්‍ය රම්‍ය ද සිල්වා සහ හිටපු සභාපති මහාචාර්ය සුජීව අමරසේනය.
පාසලේ පළමු පන්තියට දරැවන් ඇතුළු වන වයස අවුරැදු 5+ සිට පාසලින් ඉවත් වන 19+ උසස් පෙළ තරැණ අවදිය දක්වා කාල පරාසය තුළදී ඔවුන් හසුවන ඔරොත්තු දිය නොහැකි තරම් වන, පාසල් අධ්‍යාපනයේ වෙනස් වෙමින් පවතින පෙළපොත් සහ විෂය මාලාවේ බර මේ ව්‍යාපෘතිය යටතේ සොයා බලනු ලැබීය.
ඔවුන්ගේ මුල්ම පියවරක් වූයේ පාසල් බෑගයක් අතට ගැනීමය. මේ වෛද්‍ය කණ්ඩායම විශ්මයට පත් කළ කරැණක් එහිදී හෙළි විය. හැම දිනකටම පාසලට ගෙන යා යුතු පොත්පත්ද ව්‍යාපෘති වැඩ සඳහා රුගෙන යා යුතු ද්‍රව්‍යයද වතුර බෝතලය සහ කෑම භාජනයද එම බෑගය තුළ පිරවූ විට එය උසුලාගත නොහැකි අධික බරකින් යුතු විය. ළමා ස්නායු රෝග විශේෂඥවරියක සහ දෙදරැ මවක්ද වන වෛද්‍ය ජිතාංගි වනිගසිංහ මේ ව්‍යාපෘතියේ ලොකු වගකීමක් දරයි. ඇය ප්‍රශ්න කරන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්රමයේ දරැවන්ට හොඳම දේ මෙයද? යන්නය. අධික බරුති පාසල් බෑග් අමාරැවෙන් කරට ගෙන බර අදින සතුන් සේ දෙකට නැමීගෙන පාසල් කරා යන දරැවන් ඇයට සුපුරැදු දසුනකි.
මේ විශේෂඥ වෛද්‍යවරිය පවසන්නේ පෙළ පොත්වල ඇති යෝධ අන්තර්ගතය කෙරෙහි බලවත් අවධානය යොමු කළ යුතු බවයි. මේ මඟින් දරැවන්ට කායික සහ මානසික බලපෑම් ඇතිවන අතර එහි ආර්ථික බලපෑම් මාපියන්ටද අවසානයේ රටටද බලපාන බවත් ඇය සඳහන් කරයි.
මේ මඟින් ඇතිවිය හැකි ප්‍රබල කායික බලපෑම් මෙසේය :-
• අධික පොත් තොගය නිසා කාර්යක්ෂමභාවය අතින් අනාරක්ෂිත පාසල් බෑගය දරැවන්ගේ ගමන් ලීලාව වෙනස් කරයි. උරහිස්වල සහ පිටකොන්ද පහළ වේදනා හට ගැනීමත් දණහිසේ වේදනා ඇතිවීමත් පමණක් නොව කොඳු ඇට පේළියේ ආබාධ හට ගැනීමටද ඉඩ තිබේ.
• අධික වැඩ කන්දරාව හේතුවෙන් දරැවන්ට පාසලේදීත් නිවෙසේදීත් අවශ්‍ය තරම් එළියට පහළියට යාමට තරම් විවේකයක් නොලැබේ. ඔවුන් බර වැඩි, තරබාරැ දරැවන් බවට පත්වීම එහි ප්රතිඵලයයි. කොළඹ නාගරික සීමාවේ වයස අවුරැදු 8ත් 12ත් අතර 15෴ක් බර වැඩි දරැවන් බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මානසික වශයෙන් සිදුවන බලපෑම් :-
• පාසල් පොත්වල යෝධ අන්තර්ගතය හැදෑරීමට අතිරේක ඉගැන්වීම් අවශ්‍යම වෙයි. මේ නිසා දරැවාට විවේක ගැනීමට, නිවී සැනසිල්ලේ සිටීමට හෝ සෙල්ලම් කිරීමට වෙලාවක් නැත. පාසලෙන් එළියට අදින ළමයා එක් ටියුෂන් පන්තියකින් තවත් පන්තියකට වශයෙන් ගෙනයනු ලැබේ.
• කරැණු වඩාත් සංකීර්ණ සහ අධික වීම නිසා විෂයය කරැණු තේරැම් ගැනීම අපහසු වෙයි.
• තරගකාරී විභාගවලදී පීඩනය දැනීම.
• හැමවිටම වඩ වඩාත් වැඩ කිරීමට තල්ලු වීම.
• 13 වැනි වසරේ ළමුන්ගෙන් බහුතරය පාසලේ තවදුරටත් ඉගෙනුම ලබන්නේ නැත. ඔවුන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම පාහේ ටියුෂන් පන්ති මත රඳා පවතී.
• හොඳම ළමයා වීමේ තරගය නිසා කායික ආබාධ සහිත දරැවන් සහ සෙමින් ඉගෙන ගන්නා දරැවන් අත්හැරෙයි. කොන් කෙරෙයි.
ආර්ථික බලපෑම් මෙසේය
• ටියුෂන් හේතුවෙන් සම්පූර්ණ නිදහස් අධ්‍යාපනයක් තවදුරටත් නැත.
• අධ්‍යාපන ක්‍රමය (ඇගයීම්) සැකසී ඇත්තේ සීමිත, තෝරාගත් රුකියා වෙනුවෙන් පමණි.
• සිතීමේ හැකියාව උපයෝගීවන සහ මුවහත් වන අධ්‍යාපන ක්‍රමයකට වඩා කටපාඩම් කිරීම දිරිමත් කෙරෙයි.
• කටපාඩම් අධ්‍යාපනය ළමයකුගේ නිර්මාණශිලීත්වය සහ සහජ කුසලතා මොට කර දමයි.
පාසලේ විෂයයන් සහ එක් එක් විෂයයට වෙන්කර ඇති කාලය බෙදා වෙන් කරගත් වෛද්‍ය වනසිංහ එක් උදාහරණයක් ගෙනහැර දක්වයි.
හත්වැනි ශ්‍රේණියේ විද්‍යාව විෂයය මාතෘකා 17ක් පිටු 250ක් ඔස්සේ විස්තර කෙරේ. ඒ සඳහා විශාල පෙළපොත් දෙකකි.
සතියකට විද්‍යාව සඳහා වෙන් කෙරෙන සාමාන්‍ය කාලච්ඡේද සංඛ්‍යාව පහකි.
වසරකට වැඩ කෙරෙන සති ගණන 32 කි.
මේ පොත්වල අන්තර්ගතය ආවරණය කිරීම සඳහා මේ අනුව වසරකට යොදා ගත හැකි කාලපරිච්ඡේද සංඛ්‍යාව 160 කි.
කෙසේවුවද අන්තර්ගතයේ විශාලත්වය හේතුවෙන් දරැවකුට විෂය පිළිබඳ අවබෝධය ලබාගැනීමට ටියුෂන් අවශ්‍ය වෙයි. ඒ සමඟ හෝම් වර්ක් වශයෙන් විශාල වැඩ කොටසක් පැවරෙන බැවින් එය දරැවා සෙල්ලම් කළ යුතු කාලයට සෘජුවම බලපායි.
වෛද්‍යවරිය තවදුරටත් මතක් කර දෙන්නේ දරැවන්ට පාඩම් කිරීමට තිබෙන්නේ විද්‍යාව පමණක් නොවන බවයි. 6 වැනි ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා ඕනෑම පන්තියක දරැවකුට අවම වශයෙන් විෂයයන් 13ක් තිබේ.
වෛද්‍ය රම්‍යා ද සිල්වා අසන්නේ &අපට සෙල්ලම් කරන්න ඕනෑ.* යනුවෙන් දහස් ගණන් දරැවන් නඟන මැසිවිලි හඬට කන්දීමට අප මැලි විය යුතුද? යන්නයි. &සෙල්ලම් කිරීම දරැවකුගේ කායික සහ මානසික යහපතට අත්‍යවශ්‍යම සාධකයක්.* වෛද්‍යවරිය කියයි.
විෂය ධාරාව වෙනස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට දැන් හොඳම කාලයයි.
කුමුදිනී හෙට්ටිආරච්චි සන්ඩේ ටයිම්ස් ලිපියක් ඇසුරින් සකස් කළේ අංජන නයනහාර