දිවි සුරකින කැප්සියුලය
බැලූ බැල්මට නිකම්ම නිකම් යෝධ බෝලයක් වුනත්, මේ රතු පැහැ බෝලය, අනාගතයේ දිනෙක ඔබේ ජීවිතය බේරන ජීවිතාරක්ෂක කැප්සියුලය වේවි. මෙම යෝධ බෝලය ඕනෑම ආකාරයක ස්වභාවික ව්‍යසනයකින්, විශේෂයෙන් භූමි කම්පා, ජල ගැලීම්, සුනාමි ආදියෙන් ඔබේ ජීවිතය බේරා දෙනු ඇත. ඔබ භූමි කම්පාවකට, ජල ගැලීමකට හෝ සුනාමියකට හදිසියේ කොටු වුවහොත්, දිවි බේරා ගැනීමට යා හැකි තැනක් නැත. ඒත් මෙම දිවිසුරැකුම් බෝලය ඔබ ළඟ ඇති නම්, මෙවැනි ස්වභාවික විපත්වලින් ආරක්ෂාවීමට ඔබට හෝ ඔබේ පවුලේ අයට හැකි වනු ඇත.
‘දිවි සැරැකුම් කැප්සියුලය: පෞද්ගලික ආරක්ෂක පද්ධතිය’ යන්න කෙටි කර, ‘පී.එස්.එස්.’ යන නමින් මෙම කැප්සියුලය නම් කර ඇත. ප්රචණ්ඩ ටෝනේඩෝ සුළි කුණාටුවලින් සහ අකුණු කුණාටුවලින් පවා ආරක්ෂා වීමට මෙම කැල්සියුලයට හැකියාව ලැබේ. මේ වනවිට පර්යේෂණ මට්ටමේ පවතින මෙම කැප්සියුලය සකසා ඇත්තේ එක් පුදගලයකු වෙනුවෙන් පමණි. කැප්සියුලය තුළ ඇති අසුන සුවිශේෂී එකකි. කම්පනයට ඔරොත්තු දෙන අයුරින් එම අසුන නිර්මාණය කර ඇති අතර, ආසන පටි රැසක් ඊට සම්බන්ධය. අසුනේ වාඩි වී ආසන පටි පැළඳ ගත් විට කැප්සියුලය උඩු යටිකුරු වුනත්, කන්දකින් පහළට වැටුණත් එහි අසුන් ගෙන සිටින කෙනාට අනතුරක් සිදු නොවෙයි.
‘දිවි සැරැකුම් කැප්සියුලය තුළ දින පහක කාලයකට, එක් අයකු සඳහා කෑම බීම අසුරා ගැනීමට ප්‍රමාණවත් ඉඩ තිබේ. වතුර ගබඩා කිරීමට වෙනම කොටසක් ඇත. ඇතුළත විදුලි පහන් නොකඩවා දැල් වෙයි. මේ සඳහා බලය ලැබෙන්නේ බැටරියකිනි. සූර්ය බලයෙන් ද එම විදුලි පහන් දැල්වීමට සූර්ය කෝෂ සවි කළ හැකි බව ද පැවැසෙයි. මෙම කැප්සියුලයට ගෝලීය ස්ථානගත පද්ධතියක් ද ඇතුළත්ය. ඒ අනුව, චන්ද්‍රිකා තාක්ෂණයෙන් කැප්සියුලය ඇති තැන සොයා ගැනීමට හැකිය. අනතුරකට පත් වී කැප්සියුලය පස් තට්ටුවලින් වැළැලී ගියත්, එය සොයා ගැනීමට ඒ අනුව හැකි වෙයි. හුස්ම ගැනීමට ඔක්සිජන් ටැංකි සවි කර ඇත. මෙහි ඇති දොර විවර කළ හැක්කේ ඇතුළතින් පමණි. ඇතුළේ සිටින කෙනාගේ අවසර ලැබුණහොත් මිස, පිටතින් කිසිවකුට දොර ඇරිය නොහැකිය. කැප්සියුලයේ කුඩා ජනේලයක් සවි කර ඇති අතර අවට සිදුවන දේ දැක බලා ගැනීමට ඒ හරහා පුළුවනි.
ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි