ශාන්ත පීතර ආදි සිසු ක්‍රිඩා තරගාවලිය



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාන්ත පීතර ආදි සිසුන් සංවිධානය කල ගෘහස්ථ ක්‍රිඩා තරගාවලිය 11 වන වරටත් ඩුබායිහීදී පැවැති අතර, එහීදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය  ආදී සිසුන්ගේ සහභාගිත්වය කැපී පෙනිනි.

ඔවුන් කාන්තා / පිරිමි බැඩ්මින්ටන්  සහ පිරිමි මේස පන්දු  තරග සදහා තරග වැදුන අතර, එහිදී ධර්මාශෝක කාන්තා  බැඩ්මින්ටන්  කන්ඩායම
(ලෂිනි චෙහාරා, නිශාදි ද සිල්වා) ගම්පහ හෝලි ක්‍රොස් කන්ඩායම පරාජය කරමින් අඛණ්ඩව තුන්වන වරටත් ශූරතාවයට හිමිකම් කියන ලදි. පාසල් අවදියේ දී දක්ශ ක්‍රිඩිකාවක් වූ ශ්‍රී ලංකා කන්ඩායම ද නියෝජනය කල ලෂිනි චෙහාරාගේ ක්‍රීඩා විලාශයෙන් එදින වර්ණවත් වු අතර ඇය නැවත තුන්වන වතාවටත් නොකඩවා තරගාවලියේ දක්ශතම ක්‍රීඩිකාව ලෙස සම්මාන  ලැබීය.

එමෙන්ම බැඩ්මින්ටන් පිරිමි කන්ඩායම (ලකිදු ද සිල්වා, ටිරාජ් පුන්සර, මලිදු සසංක සහ සුදත් ප්‍රේමරත්න) තරගාවලිය පුරාවට දක්ශ ලෙස ක්‍රීඩා කරමින් අවසන් මහා තරගයේදී කටුගස්තොට ශාන්තා ඇන්තනි විද්‍යාලය හමුවේ අනුශුරයන් බවට පත් වුවද ඔවුන්ගේ ක්‍රීඩා විලාශය තරගාවලිය පුරාම කැපී පෙනුනි.


RECOMMEND POSTS