වට් නොන්සන්ස් - ජොලි වැස්ස
ඔන්න එකෝමත් ආයතනයක සේවය කරාලු සුමනේ කියලා පුද්ගලයෙක්. මෙන්න මෙයාට වුන අකරතැබ්බයක් තමයි අද කතාව. සුමනේ දුර බැහැර ඉදන් වැඩට එන පුද්ගලයෙක්. දකුණු රටේ තමා ගම්පළාත්. ආයතනය තිබුනේ කොළඹ. ඉතින් දිනපතා යන එන එකට ලොකු වියදමක් යන නිසාම සුමනේ ඔෆිස් එකේම නවාතැන්ගෙන ගෙදර ගියේ සති අන්තයේ.
මේ ආයතනයේ ලොකු උන්නැහේගේ හිත හොඳකම නිසාම සුමනේට ඔෆිස් එකේ ඉදන් කොටුවට යන්න ට්‍රාන්ස්පෝර්ට් එකකුත් දීලයි තිබුනේ. සුමනේ හැම සිකුරාදම මහ රෑ 12 ට ඕෆ් වෙලා කොටුවට යන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකේ.
දින සති ගෙවිලා, එකෝමත් එක දවසක සුමනේ ට්‍රාන්ස්පෝර්ට් එකේ යනකොට සුමනේ යන වාහනේටම මේ ආයතනයේම ඉන්න තවත් මනුස්සයෙක් දැම්මලු. සුමනේව කොටුවෙන් බස්සලා අනිත් කෙනාව දෙහිවලින් බස්සන්න කියලා. සුමනේ ඒ මනුස්සයාව එච්චරම අදුරන්නේ නැති නිසා වැඩි කතාබහට ගියේ නෑලු. ඉතින් ඔන්න යන ගමන් මේ උන්නැහේ සුමනෙව දැන හඳුන ගන්න හිතන් සුමනේගෙන් විස්තර ඇහුවලු. මහත්තයා කසාඳ බැදලද? , ළමයි ඉන්නවද , ගෙවල් කොහෙද? වගේ ප්‍රශ්න ඇහුවලු. රැව්ල මුඩු කරලා සුදු බෝලයක් වගේ ඉන්න මේ මනුස්සයා කතා කරෙත් කොමළ වෙවී තාලෙටලු. සුමනෙට අමුත්තක් දැනුනලු. ප්‍රශ්න අහන ගමන් ටික ටික ළඟට එනවලු. එතකොටම ෆිල්ම් එකක වගේ මහා හයියෙන් අකුණු ගගහා වහින්න පටන් ගත්තලු. වහිනවත් එක්කම . ජොලි වැස්ස නේද කියලා අර මනුස්සයා සුමනේව බදාගත්තලු. හීන්දෑරී සුමනෙට හෙළවෙන්නවත් බැරි විදිහට බදාගෙන මූණ ඉම්බලු. සුමනේ අම්මා මුත්තා මතක් කරලා බැනලා වැස්සෙම වාහනෙන් බැහැලා දිව්වලු.
ඊට පහුවෙනිදා ට්‍රාන්ස්පෝර්ට් එකේ උන් නැහේ. කින්ඩියට වගේ කට කොනින් හිනා වෙවී සුමනෙගෙන් ඇහුවලු ඊයේ මුකුත් කරදරයක් උනේ නැද්ද කියලා. බලන් ගියාම මේ වගේ සිද්ධියකට මුහුණ දීපු එකම කෙනා සුමනේ නෙමෙයිලු.
ජයනි සිතාරි අල්විස්