ට්‍රැක්ලන්තය - නූතන පටාචාරාව
පටාචාරාවට දරු දෙදෙනාව අහිමි වුන වෙලාව මතකයිනේ. එක ළමයෙක් ගඟෙන් එගොඩ කරලා අනිත් ළමයා අරන් එන්න යද්දි ඇස් පනාපිටම එක ළමයෙක් දියේ ගහගෙන යද්දි අනිත් ළමයව උකුස්සෙක් ගෙනිච්චනේ. පටාචාරා කතා වස්තුවේ ඉන්න පටාචාරාව කාන්තාවක් වුනත් අද කතාවේ පටාචාරා පිරිමි කෙනෙක් . මෙයාගේ නම් නැතිවුනේ ළමයි නෙවෙයි . මේ කතා දෙකටම අහිමිවීම පොදු නිසා මේකට නූතන පටාචාරා කියලා නම් තිබ්බේ.
ඔන්න මෙහෙමයි කතාව. අපේ රටේ පොදු ප්‍රවාහන සේවය ගැන කතා කරොත් ඉතින් හිස රදේ හැදෙනවනේ. මිනිස්සු 2000 ක් හිටියොත් බස් නම් 20 ක් දානවා. කෝච්චි නම් දෙකක් වගේ. අනේ ඉතින් අර අසරණයෝ ටික තැලිලා පොඩිවෙලා ඇඳුම්වල කෑලිත් නැතුව තමා ගෙවල් වලට යන්නේ. අද කතා නායකයට මං සුමනේ කියන්නම්. සුමනේ කියන්නේ බොහෝම දුර කතරක් ගෙවාගෙන , රාජකාරිය දේවකාරිය කරගෙන උදේ හවා කොළඹ එන කෙනෙක්. මෙයා එන්නේ කෝච්චියේ.
ඔන්න ඉතින් සුපුරුදු විදිහට වැඩ ඇරිලා ස්ටේශන් එක ලඟට ගියාම සූ ගාලා සෙනග. සුමනේ කියන්නේ හරි හීන් දෑරි මනුස්සයෙක්. ට්‍රේන් එක නවත්තපු ගමන් අස්සෙන් මුල්ලෙන් රිංගලා සීට් එක අල්ලන්න යද්දි. පිටිපස්සෙන් ආපු මහා තල්ලුවට ඉබේම ගිහින් සීට් එකක ඉන්දුනාලු.
ඔක්කොමත් හරි එක සෙරෙප්පුවක් නෑලු. සුමනේ නැගිට්ටොත් ආයිත් මේ සීට් එක ලැබෙන්නෙත් නෑනේ. සුමනේ කරේ ඉතුරු සෙරෙප්පුව සීට් එක උඩ තියලා , බැහැලා ගිහින් සෙරෙප්පුව හොයන එක. කෝච්චිය අද්දනකොටම ඔන්න යන්තන් සෙරෙප්පුව හොයාගෙන ඉක්මනට නැගගත්තලු. එතකොටම වයසක උන්දැ කෙනෙක් "මොක්කුද මංදා සීට්වල සෙරෙප්පු තියන්නේ මුන්ට පිස්සුද මන්දා "කියලා බැන බැන ජනේලේ උඩ තිබ්බ සෙරෙප්පුව එළියට විසිකරාලු. සුමනේ හොයන් ආපු සෙරෙප්පුවත් අතේ තියන් කට ඇරන් බලන් හිටියලු මොකද්ද ඒ වුනේ කියලා. අනේ ඉතින් අන්තිමට සුමනේට සෙරෙප්පුවත් නෑ . සීට් එකත් නෑ.
ජයනි සිතාරි අල්විස්