ට්‍රැක්ලන්තය - කැලඹුනු පාතාලේ
ට්‍රැක්ලන්තේ මේ දවස්වල පාතාලේ අයියලා ටිකත් කැලඹිලා , රටම කලම්ඹන ගමන් තමයි ඉන්නේ. ට්‍රැක්ලන්තේ දැන් නිකන් චිකාගෝ වගේ. එහෙන් මෙහෙට වෙඩි තියනවා මෙහෙන් එහෙට වෙඩි තියනවා. අනේ අහිංසක ට්‍රැක්වාසීන් ආත බූත වෙලා ඔලුවේ අතගහගෙන කල්පනා කර කර ඉන්නවා.
අර කාලෙකට කලින් 2000 න් පස්සේ සිඟිති පාතාලයක් ඉන්නවා කිය කිය බුකියේ හෑලි ලියපු අයියලට දැන් දැන් ඇඬෙයි ඔන්න. මෑතකදී ඝාතනය උන පාතාලේ කොල්ලට වෙඩි තියන්න උදව් කරලා තියෙන්නේ ඔක්කොම 2000 න් පස්සේ සෙට් එකක්. වෙඩික්කරුට සහය දුන්න අය අවුරුදු 22,19 වයස්වල අය. ඒ කාලේ වගේ නෙමෙයි දැන් කාලේ පොඩිවුන් හරි වෙනස්.
ඝාතනය ගැන මේ දවස්වල හෝ ගාලා නොයෙක් නොයෙක් කතා එළියට එනවනේ. බුකිය පුරා කතා වුනේ මේ දේවල් ගැන. පත්තරයක් ගත්තත් ටීවී එක බැලුවත්, එෆ් එම් චැනල් එකක් දැම්මත් කතා වෙන්නේ වෙඩි තියපු සිද්ධිය ගැන. වෙරළට ගිහින් දනගස්සලා වෙඩි තියපු ඒවයි, කඩයක් ඇතුලෙදි වෙඩි තියපුවයි, ඒ අතර ප්‍රධානම එක අධිකරණය ඇතුලෙම වෙඩි තියපු එක. ටීවී එක ඉස්සරහා වාඩි වෙන අච්චිලා සීයලා අම්මලා තාත්තලා පොප්කෝන් කකා මේ දවස්වල බලන්නේ මේ මර්ඩර් සීන්.
පාතාලේ නිසා දැන් මුලු ට්‍රැක්ලන්තෙම හෙල්ලිලා තියෙන්නේ. ෆිල්ම් එකක වගේ ඝාතකයා පොතක් අස්සේ පිස්තෝලේ හංගන් ඇවිල්ලා වෙඩි තියලා ඒ මදිවට " අන්න ඇතුලේ වෙඩිතියනවෝ "කියලා කෑ ගහගෙන එළියට දුවන් ගිහිල්ලත් එක්ක. ට්‍රැක්ලන්තේ ඉන්න සියලූම චිත්‍රපට අධ්‍යක්ශක වරුන්ගෙන් මං ඉල්ලන්නේ. මේකෙන් ෆිල්ම් එකක් හදන්න කියලා. ඒ තරමටම මේ සිද්ධිදාමය ඩ්‍රාමාටික්.
ඇත්තටම මේ සිද්ධි ගැන දුක්වෙන්නද සතුටු වෙන්නද තේරෙන්නේ නෑ. කාලෙන් කාලෙට විවිධාකාර චරිත ඉදිරියට එනවා. මුළු ට්‍රැක්ලන්තෙම ඒ දිහා කට ඇරන් බලන් ඉන්නවා. ඔන්න ඕකයි දැන් රටේ තත්වේ.
ජයනි සිතාරි අල්විස්