ට්‍රැක්ලන්තය - ඔෆිස් චරිත



 
ට්‍රැක්ලන්තේ එක එකඔෆිස් වල නානප්ප්‍රකාර චරිත අපිට හම්බෙනවනේ. වයිවර්ණ විච්චූරණ මිනිස්සු අතරේ, කොට, කලු, සුදු, මහත, කෙට්ටු වගේ ඇඟපත පෙනුමෙන් වගේම චරිත වලිනුත් ඒඅය විවිධාකාරයි. මිනිස්සුන්ව තේරුම් ගන්න එකට වඩා ලේසියි ගවයෙක්ට අවකලනයඋගන්වන එක. ඒ තරමට විවිධාකාරයි. ඔන්න ඉතින් ඒ චරිත මෙන්න මෙහෙමලු.
 
ඕප දූප මලු
මේඅයගේ රාජකාරිය තමා ඔෆිස් එකේ වෙන දේවල් ඔක්කොම හොය හොය යන එක. මේ අය ඔෆිස්ඇවිල්ලා වැඩක් කරන්නේ වෙලාවක් තිබ්බොත් තමයි ඉතින්. ඇයි ඉතින් නැත්තන්ඕපදූප හොයන්න කාලයක් නෑනේ. ඔෆිස් එකේ ඕප දූප වලින් ඔබ්බට ගිහින් මේ අයඔෆිස් එකේ ඉන්න අයගේ පෞද්ගලික දේවලුත් හොයනවා ඉතින්.මේ අය හරි නිර්මාණශීලී.හේතුව කියනවා නම් මේ අයට පොඩි ඕපයක් ඇහුන ගමන් ඉතුරු කතාව බලන් හිටියා වගේහරි ලස්සනට හදලා කියනවා.
 
 
ගොට්ටෝ
ඔෆිස්වල විතරක් නෙමෙයි මේ අය කොතනත් හරි බහුලයිනේ. හැමවෙලේම බොස්ගේ සුහච කීකරුසේවකයා වෙන්නේ මේ අය. ඕන දේකට ඔලුව නමාගෙන එකඟ වෙනවා. (නැති තැන බණින එකවෙනම එකක්) බොස්ගේ ඔක්කෝම වැඩ පැනගෙන කරන්න මේ අය හරි කැමති. මේ අය වැඩිවෙලාවක් ඉන්නේ බොස්ගේ කාමරේ. සම හරක් ඉන්නවා ඉතින් ඒ අස්සේ ගෙදර වැඩත් කරලාදෙන්න යන. සමහර ගොට්ටෝ ඉන්නවා බොස්ගේ රෙදි හෝදලා,වේලලා, අයන් කරලාඅන්දන්නත් යන. 
 
හොර නිවාඩු ගන්න අය
හැමඔෆිස් එකකම ඉන්නවනේ සතියට දවස් දෙක තුනක් බොරු හේතු කිය කිය නිවාඩු ගන්නකෙනෙක්. ඒ හේතු අතරින් බහුල හේතුවක් තමා මළ ගෙයක් කියන එක. මෙ අයගේ ආච්චිලා ,සීයලා එක පාරක් නෙමෙයි මැරිලා තියෙන්නේ. ගණන් කරලා බැලුවොත් හත් අටපාරක්ම මැරිලා. පොඩි පොදයක් ගියොත් ගංවතුර කියලා නිවාඩු. පොඩ්ඩක් පෑව්වොත්නියඟයක් කියලා නිවාඩු. වඳ ආච්චිගේ දුවගේ කොල්ලා මල්වර වෙලා කියලා හරිනිවාඩුවක් ගන්න තමා මේ අය බලන්නේ. සමහර පිරිමි ඉන්නවා ඉතින් නිවාඩු අරන්අරන් ඉවර උනාම ප්‍රසූත නිවාඩු ටික හරි ගන්න ක්‍රමයක් තියනවද බලන .මේ අයගේඑකම අරමුණ තමා ඊලඟට ගන්න නිවාඩුවට හේතුවක් හොයන එක. කිවිසුමක් ගියත්වකුගඩුවේ හිලක් කියලා නිවාඩුවක් ගන්නවා.
 
 
ඕවර් ඇක්ටින්
මේඅය හැමවෙලේම වැඩ කරනවා වගේ පෙන්නනවා විතරයි වැඩක් කරන් නෑ. බොස් එනකොටෆයිල් මිටියක් බදාගෙන වැඩ වගේ රඟපානවා. හැබැයි කරන වැඩක් නම් නෑ. ඒ අයගේරාජකාරිය තමයි වැඩ කරනවා වගේ රඟපාන එක. වැඩ ගොඩක් තියනවා කියලා කියව කියවගියාට ඇත්තටම මේ අය කරන වැඩක් නම් නෑ ඉතින්.වැඩ කරනවට වඩා වැඩ කරනවා කියලාපෙන්නන්න මේ අය ලොකු මහන්සියක් ගන්නවා.
 
සිහිය නැති අය
මෙයාලාඉන්නේ මේ ලෝකේ සිහියෙන් නෙමෙයි. වෙනම ලෝකවල. ඔෆිස් එකේ වෙන්නේ මොකද්දකරන්නේ මොකද්දේ මේ අය දන් නෑ. මෙ කෙනෙක්ගෙන් අහන ඕනම ප්‍රශ්නයකට මේ අයඋත්තර දෙන්නේ 'දන්නේ නෑ' කියලා. ඔහේ එන්නම්වාලේ ඇවිල්ලා. ආපහු ගෙදර යනවා.ආයතනය ගැනවත් තමන්ගේ රාජකාරිය ගැනවත් මේ අයට අවබෝධයක් නෑ. 
 
කුකුළා
ගෑනුළමයි තුන හතර වටකරන් ඉන්න තමා මේ අය කැමති. මෙයාලගේ හිත වෙඬරු පිඩක් සේඋණු වෙන්නේ ගෑනු ළමයි වෙනුවෙන් විතරයි. කෙල්ලෙක් කිව්වොත් ඉතින් අඟහරුවලින් මල් පැලයක් හරි ගෙනත් දෙයි. ඕනවටත් වඩා ගෑනු අයටම උදව් කරන්න තමාමෙයාලා ආස. කොල්ලෙක් උදව්වක් ඉල්ලුවොත් වැඩ තියනවා කියලා ගස්සගෙන යන මේ අයකෙල්ලෙක් ඉල්ලුවොත් උණ්ඩුකපුච්චය හරි ගලෝලා දෙන්න කැමැත්තෙන් තමා ඉන්නේ.ඔෆිස් එකට අලුතින් එන හැම කෙල්ලගෙම ආවතේවකම් කරන්න මේ අය සැදී පැහැඳීඉන්නවා. 
 
හිත හොඳ අය
මේඅය නිතරම අනිත් අයට උදව් කරන්න තමා බලන් ඉන්නේ. ඕන කෙනෙක්ට උදව්වක් ඕනඋනාම මතක් වෙන්නේ මෙන්න මේ පුද්ගලයව. තමන්ගේ වැඩෙත් කරගෙන, වාසිබලාපොරොත්තු නොවී අනිත් අයටත් උදව්වක් කරලා පාඩුවේ ඉන්න එක තමයි මේ අයගේවිදිහ. හිත හොඳ නිසාම වැඩි වැඩියෙන් වැඩ පැටවෙන්නෙත් වඳින්න යන දේවාල ඔලුවටකඩා වැටෙන්නෙත් මේ අයටම තමා.
 
හීන් නූල් කාරයෝ
මේඅයට ඕනේ හැමෝම එක්ක එළියට හිනාවෙලා ඉදලා, හිමීට දිය යටින් ගින්දරගෙනියන්න. එහෙන් අහලා මෙහෙටයි , මෙහෙන් අහලා අරහෙටයි කියලා මිනිස්සු කොටවලාතමා මේ අය සතුටක් ලබන්නේ. එක එක අය ඇණ කොටා ගනිද්දි මේ උන්දැ හැමෝම එක්කහොඳින්. හිතේ කහට එළියට පෙන්නන්නැතුව අවස්ථාව ආවම ශකබුම් වෙලා යන්න ගුලියඅඹරන එක තමයි මෙයාලා කරන්නේ.
 
වලි සුන්දර
පොඩ්ඩඇත්තන් ගල් මුල් අරගෙන වලියට යන්න බලාගෙන ඉන්න කෙනෙක් ඕනම ඔෆිස් එකකඉන්නවනේ. මේ අයට වලිය මොකද්ද, හේතු සාධක මොනාද මුකුත් ඕනේ නෑ වලි කොතනද මේඅය එතන. හේතුව ඕනෙත් නෑ ගේමටම යනවා.මේ අයට වලි සුන්දර කියන්නේ නිකන් නෙමෙයිමේ අය හොඳට හොඳයි. නරකට හරිම හොඳයි.
 
ඔන්නඔහොමයි ඉතින් ට්‍රැක්ලන්තේ ඔෆිස්වල චරිත. හැම ඔෆිස් එකක්ම ලස්සන වෙලාතියෙන්නේ මෙන්න මේ විවිධාකාර චරිත නිසා තමයි. මේවා කියවද්දි ඉතින් කට්ටියටමැවි මැවී පේනවා ඇති අදාල අයගේ මූණු ටික. 
 
ජයනි සිතාරි අල්විස් 
සිතුවම - සමන් කුමාර
Logo  නිර්මාණය - නිමල් ජයශාන්ත

RECOMMEND POSTS