ජීවිතේ බෙදාගැනීම



ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක නගරෙක එක තැනක තිබුණලු අලුතින් ඕපන් කරපු රෙස්ටුරන්ට් එකක්. මේ රෙස්ටුරන්ට් එක දැකලා වයස 75 ක් 80 ක් විතර වෙන ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ගියාලු මොනවා හරි කන්න කියලා. ගියාට පස්සේ වටේ ඉන්න මිනිස්සු හැමෝම මේ දෙන්නා දිහා බලන් හිටියලු. මෙතන හිටපු හැමෝම වගේ තරුණ කෙල්ලෝ කොල්ලෝ. ඒ නිසා වයසක ආච්චි සීයයි දැකලා හැමෝම පුදුම වුනාලු.

වේටර් කොල්ලා ළඟට ඇවිල්ලා මොනවද ඕනේ කියලා සද්දෙට ඇහුවලු. ඊට පස්සේ අර සීයා කිව්වලු " බර්ගර් එකයි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක පෝශන් එකයි , ලයිම් ජූස් එකයි "කියලා. වටේ ඉන්න අය මේක දැකලා කුටු කුටු ගෑවලු ආච්චිට දෙන්නැතුව සීයා විතරක් කනවා කියලා. බැරිම තැන එක කොල්ලෙක් ගිහින් ඇහුවලු "මං තව බර්ගර් එකක් අරන් දෙන්නද. එකක් මදිනේ " කියලා. සීයා කිව්වලු " නෑ පුතේ මේ ඇති දෙන්නටම" කියලා. ඔන්න වේටර් කොල්ලා කෑම ටික ගෙනත් මේසේ උඩ තිබ්බලු. සීයා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික අරගෙන එකින් එක " ඔයාට එකයි. මට එකයි" කිය කිය පිඟන් දෙකට බෙදන්න ගත්තලු. මේක දැකපු තව කොල්ලෙක් ඇහුවලු " තව එකක් අරන් දෙන්නද. එකක් මදිනේ " කියලා. සීයා කිව්වලු " නෑ නෑ මේ අපි දෙන්නට ඇති "කියලා. ඊට පස්සේ ආච්චි ලෙමන් ජූස් එක අරන් උගුරක් බීලා ඉතුරු උගුර සීයට දුන්නලු. සීයා උගුරක් බීලා ආපහු ආච්චිට දුන්නලු. ඒ වගේ දෙන්නා මාරුවෙන් මාරුවට ජූස් එක බිව්වලු. ඊට පස්සේ සීයා බර්ගර් එක කන්න පටන් ගත්තලු. ආච්චි ඒ දිහා බලන් ඉන්නවා දැකලා තව මනුස්සයෙක් ඇවිල්ලා ඇහුවලු. " ඇයි ඔයා තනියෙන් කන්නේ. ආච්චිට බර්ගර් එකක් අරන් දෙන්නද කියලා. ඊට පස්සේ සීයා හිනාවෙලා ඒ මනුස්සයට කිව්වලු." ආච්චි බලන් ඉන්නෙ මගේ බාගේ කාලා ඉවර වුනාම මගේ දත්සෙට් එක ඉල්ලන් එයාගේ බාගේ කන්න " කියලා. 
 
අන්න ඒ තරමටවත් ජීවිතේ බෙදාගන්න බැරි නම් වැඩක් නෑ.
 
ජයනි සිතාරි අල්විස්

RECOMMEND POSTS