කළු කුහරයෙන් විසිවුණු දේ



ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරය පිහිටයි. අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීමේ ප්‍රධාන අරමුණින්, මේ ඇටකාමා කාන්තාරයේ සුවිශේෂී නිරීක්ෂණාගාරයක් පිහිටුවා ඇත. යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය European Southern Observatory යන නමින් හැඳින්වෙන්නේ මෙයයි.

කෙටියෙන් ESO යනුවෙන් ද මෙය හැඳින්වෙයි. යුරෝපා රටවල් වන බෙල්ජියම, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, අයර්ලන්තය, ඉතාලිය, පෝලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය එකමුතු වී, චිලී රාජ්‍යයත්, ඕස්ට්‍රේලියාවත් හවුල් කර ගනිමින්, යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය හෙවත් ESO ස්ථාපිත කර ඇත.

මෙම අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ ඇති අභ්‍යවකාශ දුරේක්ෂයක් වන්නේ, වෙරි ලාර්ජ් ටෙලස්කෝප් Very Large Telescope ය. මෙය කෙටියෙන් VLT ලෙස හැඳින්වෙයි. මෙය එක් තනි දුරේක්ෂයක් නොව, දුරේක්ෂ පද්ධතියක එකමුතුවකි. තාරකා විද්‍යාඥයන් විශ්වයේ විවිධ අපූරු සොයා ගැනීම් කිරීමට සමත් වී ඇත්තේ මෙම වෙරි ලාර්ජ් ටෙලස්කෝප් Very Large Telescope දුරේක්ෂ පද්ධතියේ සහාය ලබා ගනිමිනි.

පසුගිය දා තාරකා විද්‍යාඥයෝ මන්දාකිණියක් මැද ඇති සුපර් මැසිව් කළු කුහරයක් Supermassive black hole නිරීක්ෂණය කළහ. Supermassive black hole යනු ඉතා විශාල කළු කුහරයකි. මේවා සාමාන්‍යයෙන් පිහිටා ඇතැයි පැවැසෙන්නේ විශාල මන්දාකිණි මධ්‍යයේය. මෙවැනි කළු කුහරවලට සියලු දේ ඇදී යන වේගය ඉතාමත් වැඩි වන අතර, ආලෝකයට පවා මෙවැනි කළු කුහරයකින් බේරී යෑමට හැකියාවක් නැත. විද්‍යාඥයන් මෙම ඇති සුපර් මැසිව් කළු කුහරයක් Supermassive black hole නිරීක්ෂණය කරමින් සිටියදී, ඔවුන්ට කළු කුහරය විසින් සිදු කරනු ලැබූ හරි අපූරු දෙයක් දකින්න ලැබුණි.

විශ්වයේ පවතින සෑම මන්දාකිණියක් මධ්‍යයේම, අති දැවැන්ත කළු කුහරයක් පිහිටා ඇති බව විද්‍යාඥයන් පවසන්නේ අද ඊයේ සිට නොවෙයි. දැනට විද්‍යාඥයන්ට ලැබී ඇති දත්ත සහ තොරතුරු අනුව, සෑම මන්දාකිණියක් මධ්‍යයේම, දැවැන්ත සුපර් මැසිව් වර්ගයේ කළු කුහර පිහිටා ඇත. කෙසේ නමුත්, කුඩා මන්දාකිණි එසේත් නැතිනම් වාමන මන්දාකිණි තුළත්, අල්ට්‍රා ඩිෆියුස් Ultra diffuse galaxy මන්දාකිණි තුළත් මේ ආකාරයට කළු කුහර පිහිටා නොමැති බවට විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇත. Ultra Diffuse Galaxy (UDG) යනු තරමක් ප්‍රමාණයෙන් විශාල එහෙත්, බෙහෙවින් දුබල මන්දාකිණි විශේෂයකි. Ultra Diffuse යනුවෙන් මේවා හැඳින්වෙන්නේ, විශාලව ව්‍යාප්ත වුනත් මේවායේ තාරකා ඝණත්වය Stellar Density ඉතා අඩු නිසායග

එසේ වුවත්, අධි ස්කන්ධයක් පවතින සර්පිලාකාර සහ ඉලිප්සාකාර දැවැන්ත මන්දාකිණි තුළ නම්, ඒවා මධ්‍යයේ නිසැක වශයෙන්ම කළු කුහර ඇති බව විද්‍යාඥයන්ගේ අදහසය. විද්‍යාඥයන්ට පසුගිය දා සොයා ගැනීමට හැකිවූයේ, මෙවැනි සර්පිලාකාර මන්දාකිණියක් මධ්‍යයේ, දැවැන්ත සුපර් මැසිව් කළු කුහරයක් Supermassive black hole කළු කුහරයකින් නිකුත් වන ජෙට් ධාරාවකි.

අභ්‍යවකාශයේ ජෙට් ධාරා (Jets) කියන්නේ අතිශය වේගයෙන් සහ බලයෙන් නිකස්වන ද්‍රව්‍ය ගඟක්. මේවා සාමාන්‍යයෙන් වේගයෙන් ගලා යන වායුය, ප්ලාස්මය, හෝ අණුක ද්‍රව්‍ය වශයෙන් පවතියි. අභ්‍යවකාශ ජෙට් ධාරා සෑදෙන්නේ කළු කුහර Black Hole, නේට්‍රෝන නක්ෂත්‍ර Neutron Star, තාරක ජන්ම Star Formation, ගැලැක්සියන් මධ්‍යස්ථානය Active Galactic Nucleus වැනි උසස් ශක්තිමත් තත්වයන් යටතේය.

විද්‍යාඥයන් වෙරි ලාර්ජ් ටෙලස්කෝප් Very Large Telescope දුරේක්ෂ පද්ධතියේ ආධාරයෙන් සොයා ගත් අපූරු දේ එයයි. මෙම සටහන සමඟ පළ වන්නේ, විද්‍යාඥයන් විසින් ලබා ගත් එම මන්දාකිණියේ ඡායාරූපය. මෙම ඡායාරූපය දෙස හොඳින් බැලුවොත්, ඔබට පැහැදිලිව පෙනේවි, රතු පැහැරෙන් යම් දෙයක් ඈතට විහිදී යන ආකාරය. එය කළු කුහරය තුළින් යමක් පිටතට විසි කිරීමකි. මෙසේ විසි වන්නේ ජෙට්ස් ධාරාය.

කළු කුහරයක් යනු අධික ස්කන්ධයකින් යුත් දෙයකි. එපමණක් නොවෙයි, කළු කුහරයක් ඇති ස්ථානයක අධික ගුරුත්ව බලයක් ද පවතී. මෙම අධික ගුරුත්වය නිසා කළු කුහරය වටා දූවිලි සහ වායු අංශූන් කක්ෂගත වීමක් සිදුවෙයි. මේ අයුරින් දූවිලි සහ වායු අංශූන් කළු කුහරය වටා කක්ෂගත වෙද්දී, ඇක්‍රියේෂන් ඩිස්ක් Accretion Disk යනුවෙන් හඳුන්වන තැටියක් නිර්මාණය වීම සිදුවෙයි. දූවිලි සහ වායු අංශු කුළු කුහරය වටා කක්ෂගත වෙයි. ඒ අනුව, ඒවා පෘථිවියේ අපට මේවා තැටියක ස්වරූපයකින් පෙනෙයි. දූවිලි සහ වායු අංශු කළු  කුහරය වටා මෙසේ වේගයෙන් පරිභ්‍රමණය වෙද්දී මේවා කළු කුහරයෙන් පිටතට විසි වීමක් ද සිදුවෙයි. මේ අයුරින් ඉවතට විසි වන දූවිලි සහ වායු අංශූ ජෙට්ස් Jets යැයි හැඳින්වෙයි. මෙලෙස විසි වන්නේ දූවිලි සහ වායු අංශූන් පමණක් නොවෙයි; විද්‍යුත් චුම්බක තරංග ආදියත් මේ අයුරින් ජෙට් ධාරා Jets ලෙසින් කළු කුහරයෙන් ඉවතකට විසිවී යාමට පුළුවනි. විද්‍යාඥයන් වෙරි ලාර්ජ් ටෙලස්කෝප් Very Large Telescope දුරේක්ෂ පද්ධතියේ ආධාරයෙන් ලබා ඟත් ඡායාරූපයේ ඉවතට විසිවී යන ආකාරයෙන් ඇත්තේ, වායු සහ දූවිලි අංශූන් කීපයකි. මේවා මන්දාකිණි සුළං ලෙසත් හඳුන්වා දිය හැක.

කළු කුහරය යනු අභ්‍යවකාශයේ ඇති විශේෂිත භෞතික වස්තුවකි.

කළු කුහර ඉතා දැඩි ආකර්ෂණ ශක්තියකින් යුක්ත බැවින්, එයට ආසන්නව ඇති ආලෝකය සහ ද්‍රව්‍යය පවා එවෙන් පිටවිය නොහැක.

මේ හේතුවෙන් කළු කුහරය දැකීම අපහසුය. ඒ සඳහා වෙරි ලාර්ජ් ටෙලස්කෝප් Very Large Telescope වැනි විශේෂ දුරේක්ෂ අවශ්‍ය වෙයි. කළු කුහරයක් බොහෝ විට උත්සාහශීලි තාරකාවක් (massive star) ජීවිතය අවසන් වීමෙන් පසු, විශාල පුපුරා යාමකින් (supernova explosion) ඉතිරි වූ ද්‍රව්‍යය එක් තැනකට දැඩි ලෙස කැටිවීමෙන් සිදුවේ. මෙහිදී තාරකාවේ බර තරමක් කුඩා ප්‍රදේශයකට එකතු වීම නිසා, දැඩි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් (gravitational field) ඇති වේ.

කළු කුහරයක් තුළ අධි මධ්‍යස්ථ භාගය සින්ගියුලාරිටි (Singularity) ලෙස හැඳින්වේ. මෙහි ද්‍රව්‍යය නිවේශනය වූවද, එහි ඝනත්වය සීරුවෙන් අනන්‍ය වේ. කළු කුහරය වටා ඇති ආරක්ෂණ සීමාව ඊවෙන්ට් හොරයිසන් (Event Horizon) ලෙස හැඳින්වෙයි. මෙය එතරම් වැදගත් තීරුවකි, මක්නිසාද එය අභිමානශීලී වස්තුවකට (observer) පවා කළු කුහරය ඇතුළත සිදුවන සිදුවීම් දකින්න නොහැකි සීමාවකි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS