වෙසක් පුන් පොහොය ලෝක සාමය සහ යශෝධරා



 

සැඩ සුළඟින් සහ අරගලයෙනුත්, වෛරයෙන් සහ නපුරුකමිනුත් පිරි මේ ලෝකයෙහි බුදු හිමියන්ගේ සනාතන දහම බැබළෙන හිරු මඩලක් වැන්න. න්‍යෂ්ටික සහ ජලකර බෝම්බ සහිත මේ වර්තමාන යුගයෙහිදී පමණ වෙන අන් කිසිම සමයකදී ඒ සනාතන බුදු දහම මෙතරම් අවශ්‍ය වූයේ නොවේ. අවුරුදු දෙදහස් පන්සියයක කාලය විසින් ඉටුකොට තිබෙන්නේ හුදෙක් ඒ සනාතන බුදු දහමේ බලය හා සත්‍යය අධික කිරීම පමණි. අපි ඒ අමරණීය දහම සිහිපත් කොට ගනිමු. අපගේ අදහස් සහ ක්‍රියා ඒ දහම අනුව සකස්කොට ගැනීමෙන් පරමාණු බෝම්බ යුගයේ භීතියට පවා අපට මැදිහත් මනසින් මූණ පෑ හැකිවේ. යහ චින්තනය සහ සම්මා කම්මන්තය අපට ඒ සනාතන දහම මගින් සුළුවෙන් හෝ දියුණු කොටගත හැකිවේ. 
නිදහස් ඉන්දියාවේ 
ප්‍රථම අගමැති පණ්ඩිත ජවහර්ලාල් නේරු තුමා

 

සම්මා සම්බුදු හිමියන්ගේ තෙමගුල සිදුවූ වෙසඟ මහ පොහොය උදාවෙයි. එසේ වුවද මෙවර ශ්‍රී ලංකාවේ වෙසක් උත්සව තරමක් මන්දගාමී ස්වරූපයක් ගනී. වෛශාඛ බුද්ධ ජයන්ති උළෙල යැයි නම් කෙරෙන වෙසඟයේදී නගර ගම්වල වෙනදා බැබළෙන සැරසිලි, වෛවර්ණ වෙසක් කූඩු නිර්මාණ, ආකර්ශණීය තොරණ මෙවර පෙනෙන්නට නැත. වරප්‍රසාද විරහිත වරප්‍රසාද සහිත හැම දෙනකෙුන් විසින්ම පාහේ දැඩි භක්තියෙන් තම තමන්ට හැකි අයුරින් පැවැත්වෙන විවිධ වර්ගවල දන්සැල් ගැනත් කතා බහක් නැත. 


සිදුවූයේ කුමක්ද?
මෙයට ප්‍රධාන හේතුවක් විය හැක්කේ අප්‍රේල් 29 වනදා වෙසක් පොහෝ දිනය වශයෙන් නියම කිරීම යැයි අපට සිතේ.


දිගු කලක් මුළුල්ලේ මේ දේශයේ ජන මනසෙහි සනිටුහන් වී තිබෙන්නේ මැයි මාසයේදී එළඹෙන වෙසක් පුන් පෝ දිනයයි. ඒ නිසා ඒ සුපුරුදු සම්ප්‍රදායයෙන් බැහැරව අවුරුදු උණුහුම හා සමගම වෙසක් “සිසිල” එළඹි විට ඉන් තරමක ප්‍රශ්නයක් සමාජය තුළට ඇතුල් වේ. ඒ හේතුකොටගෙන අප්‍රේල් 29යේ වෙසක් පෝ උළෙලෙහි උත්කර්ෂය අඩු වී ගියා සේ පෙනේ.


අපගේ ශ්‍රී ලාංකීය වෙසක් උළෙල දින දර්ශනය නිසාදෝ තරමකට හෝ අඩුපාඩු සහිත ස්වභාවයක් දැක්වූවද අද ලෝකයෙහි බුද්ධ දර්ශනය පිළිබඳව නව උදf්‍යා්ගයක් පහළ වෙමින් පවත්නේය. බෞද්ධ ඉතිහාසයෙහි ප්‍රථම වරට ජාත්‍යන්තර “බෞද්ධ දිනය” යන සංකල්පය ප්‍රායෝගික මට්ටමෙන් ප්‍රකාශයට පත්වූයේ මේ මාසයේදීය.


ලොව පුරා විහිද විසිරී සිටින පණස් දෙකෝටියක් වූ බෞද්ධ ජනතාව එකට එකතු කරන මේ ජාත්‍යන්තර බෞද්ධ දිනය පිළිබඳ යෝජනාව සම්මත කොට ගනු ලැබුවේ ජගත් බෞද්ධ මහා සම්මේලනයේ හත්වන සමුළුව කොළඹදී පැවැත්වුණු අවස්ථාවේදීය. එහිදී සම්මත වූ කොළඹ බෞද්ධ ප්‍රකාශනයට අනුව ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ දිනය ජපානයේ කතෝ නගරයේදී පැවැත්විණි. ඒ අප්‍රේල් අටවනදායි.


නිර්මල ථෙරවාදය රැක ගන්නා මහා බෞද්ධ දේශයක් වශයෙන් කීර්තියට ලක්වූ අපගේ ශ්‍රී ලංකා දේශයේ යොවුන් පරපුර දහමට නැඹූරු කරන ප්‍රබල ක්‍රියාදාමයක් අත්‍යවශ්‍ය වෙයි.


මක්නිසාද යත් නව පරපුර, නිසි මංපෙත් ඔස්සේ ගමන් කරවිය හැකි සාමාජික බලවේග බොහෝ සේ අඩුවෙමින් පවත්නා හෙයිනි.
 එවැනි යුගයකදී වාර්ෂික වෙසක් මංගල්‍යය ආශ්‍රිතව උද්ගත වන ශ්‍රද්ධා භක්ති පූර්වක චින්තන ධාරාව, අතිප්‍රබල ආධ්‍යාත්මික පෝෂණයක් කෙරේ වෙසෙසින්ම යොවුන් පරපුර යොමු කිරීමේ මාර්ගයක් වෙයි.


වෙසක් කූඩු, තොරණ, නාට්‍ය, භක්ති ගීත, ගායනාදී චමත්කාරදායි ක්‍රියාදාම හා සමග අද දරුවන්ට භාවනා ධර්මානුකූල චර්යා, ආගමික සිරිත් විරිත් පුරුදු කරන වැඩසටහන් ද බහුලව තිබිය යුතුවේ.


මෙය වෙසෙසින් ඉස්මතුකොට දැක්වීමට හේතුකාරක වූ ප්‍රවනතාවයක් අද බටහිර ලෝකයේ ව්‍යාප්ත වෙමින් පවතී.


ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය නම් වූ ඒ ලෞකිකත්වය ඉහ වහ ගිය මහා දේශයෙනි භාවනා ක්‍රම ඉතා පෘථුල ලෙස ව්‍යාප්ත වන්නේය. එහි ජනපද පනහේම අද භාවනා පාඨමාලා පැවැත්වේ. ඒ ඉගැන්වීම් ක්‍රමය නම් කෙරෙන්නේ “ආතතිය වළක්වන සිහි පිහිටුවා ගැනීම පදනම් කොටගත් භාවනා පාඨමාලාව” වශයෙනි.


(ඵෂභෘත්‍ඹඛභෑී ඊ්ීෑෘ ීඍෑී ඍෑෘඹක්‍ඔෂධභ* සතිපට්ඨානය පදනම් කොටගෙනයි. ආතති අඩු කරන පාඨමාලව යැයි ඒ ක්‍රමය නම් කෙරේ.
මේ ක්‍රමයේ නිර්මාතෘවරයා ජොන් කබාත්සින්ය.


:න්‍ධභ ණ්ඊ්ඔ’ෂභ්‍ය*  මේ ආධ්‍යාත්මය සුවපත් කිරීමේ ක්‍රමය ඔහු දැනගත්තේ බුද්ධ ධර්මයෙහි එන සතිපට්ඨාන ක්‍රමයෙන් යැයි ඒ විශේෂඥයා පවසන්නේය.


වෙසක් සමයයෙහි අප විසින් ඒ අනුව ඉතා ගැඹුරු ලෙස අවබෝධ කොටගත යුතුව තිබෙන්නේ. මුළුමහත් මානව වංශයේම සිත් සතන් සුවපත් කළ හැකි නිධානයක් අපට සම්බුදු දහමින් තිළිණ වී තිබෙන බවය. අපි ඒ උරුමය අමතක කොට අපගේ ආධ්‍යාත්මයට වල්බිහි වන්නට ඉඩදුනහොත් එය අතිශය ඛේදනීය සිද්ධියක් වේ.


ඒ අතර අද අප පූජනීය වෙසක් දිනයට ඉතාම සමීප වී සිටියදී අපට මේ දිනවල සැපයෙන එක්තරා විශිෂ්ට ආධ්‍යාත්මික හා චමත්කාරමය සංග්‍රහයක් දෙසටද ඔබ සිත් යොමු කරනු කැමැත්තෙමි. අපි මේ මොහොතේ ඒ ප්‍රස්තුතයට යොමු නොවීමු නම් එය අප විසින් කෙරෙන වරදකැයිද මට සිතේ.


මෙහිදී මා සඳහන් කරන්නේ වෙසක් සමයෙහි අප වෙත එන අපුරු “දෘශ්‍යමය” භක්ති ගීතයක් සේ මා දක්නා නිර්මාණයක්. ඒ නිර්මාණය නම් අලුතින්ම සිංහල සිනමා වංශ කතාවට එක්වූ ශ්‍රව්‍ය ද්‍රශ්‍ය රත්නයකි.


එවැනි හැඳින්වීමක් මතිමාත්‍ර වූ හෝ අතිශයෝක්තියක් නොවන බව ඒ නිර්මාණය සතු අසහාය ආධ්‍යාත්මික රසය භුක්තිවිඳ, එහි අන්තර්ගත සංසාරික ස්නේහය පිළිබඳ කථා ධාරාවෙහි නිමග්න වූවාට පසුව ඔබට අත්‍යන්තයෙන්ම පැහැදිළි වන්නේය.


මෙය අධ්‍යක්ෂණය කරන මහාචාර්ය සුනිල් ආරියරත්න, සිය සිනමා නිර්මාණාත්මක චර්යාවේ යෙදෙන්නේ භක්ති පූර්වක වන්දනාවක යෙදුනු උවසෙකු පරිද්දෙනි.


“බිම්බා දේවි නොහොත් යශෝධරා” නම් වූ හුදී ජන සන්නාහයෙහි රැව් පිළිරැව් දෙන සිනමාත්මක කාව්‍යයට අනුග්‍රාහක ජීවය ප්‍රදානය කළ නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරි ව්‍යාපාරිකයා විසින් ඉටුකොට තිබෙන්නේ කිසිසේත් අමතක කළ නොහැකි ජන සේවයක් හා සාමාජික මෙහෙයකි.


සිනමා නිර්මාණාත්මක ඒකාග්‍රතාවයකින් “යශෝධරා” නම් සනාතනික චරිතය පිළිබිඹු කරන්නට අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් උච්ච මට්ටමේ පෙරුම් පිරීමක යෙදී ඇත්තේය.


සිද්ධාර්ථ මහා පුරුෂයාගේ චරිතය සතු දැවැන්ත සෙවනැල්ල යට සිය සංසාරික චාරිකාව ගෙවීමට සැදී පැහැදී සිටින යශෝධරා චරිතය ඒ බැම්මෙන් වෙන්කොට එතුමියටම විශේෂ වූ චරිත ප්‍රතාපයක් සිනමා කලාත්මකව නිරූපණය කිරීමේ නිර්මාණාත්මක සටනින් අධ්‍යක්ෂවරයා ප්‍රශංසාවට සුදුසු ජයග්‍රහණයක් අත් කොටගෙන සිටී.


2013 දී නවින් ගුණරත්න මහතාගේ අනුග්‍රහයෙන් නිර්මිත සිද්ධාර්ථ ගෞතම සිනමා කව්‍යයේ දී ප්‍රධාන චරිතය පිළිබඳ මොහොතකට හෝ සැකමුසුවක් හටගත්තේ නොවේ.


ඒ පුරෝගාමී අධ්‍යාත්මික සිනමා මහා කාව්‍යයේදී චරිත සියල්ලම සැරිසරන්නේ කේන්ද්‍රීය සිද්ධාර්ථ මූර්තිය වටාය.


එහෙත් මෙහිදී අධ්‍යක්ෂවරයා විසින් සිය නිර්මාණ අවධානය අචලව යශෝධරා කෙරේ යොමු කළ යුතුවේ.


“යශෝධරා” චිත්‍රපටයේ සුවිශේෂී ලක්ෂණය නම් එදා කපිල වස්තුවේ යථා ස්වරූපය අති ව්‍යක්ත තාක්ෂණික හරඹ මගින් නිරූපණය කිරීමෙහිලා අධ්‍යක්ෂවරයා විසින් ප්‍රදර්ශනය කෙරෙන ප්‍රවීණත්වයයි.


සිනමා ආඛ්‍යානයේ අඛණ්ඩතාව රක්නා පිණිස කාව්‍යක්කාරයාගේ ගායන උපයෝගී කොට ගැනීම ව්‍යක්ත නිර්මාණශීලී ප්‍රයත්නයකි.
ඈත ඉතිහාසයේ ග්‍රීක රෝම වැනි සංස්කෘතියහිද ඵෂභෂීඔෑඛ නම් වූ කාව්‍යක්කාරයෝ සිටියහ. ඔවුහු ජනවීරයන් පිළිබඳ පද්‍යමය ප්‍රතිරූප ගායනයෙන් ඉදිරිපත් කළහ. 


යශෝධරා චරිතය මූර්තිමත් කරනු පිණිස පල්ලවී සුභාෂ් ඉන්දීය රංගන ශිල්පිනියගේ ප්‍රවීණත්වය උපයෝගී කොට ගැනීම නිසා යශෝධරා චරිතය සම්ප්‍රදායික ඉන්දීය කාන්තාවන් සතු ගති පැවතුම් කෘත්‍රිම ගතියකින් තොරව ප්‍රේක්ෂකයන් හමුවට පත්කළ හැකි වූයේය.


යශෝධරා සිනමා නිර්මාණය මේ දේශයේ බැතිමතුන්ගේ මනසට නිතැතින්ම ඇතුළු වන්නේ ඒ ශ්‍රේෂ්ට කාන්තවගේ නාමය, දේශජ ජනජීවිතයේ ස්ථාවරව නිමග්නව පවත්නා පදයක් වීමයි.


වියෝගයේ ආධ්‍යාත්මික වේදනාව, ජනප්‍රිය කාව්‍ය පංතියක් ආශ්‍රයෙන් ගායනා කෙරෙන විට සිනමා ප්‍රේක්ෂක බොහෝ දෙනා තුළ අනිවාර්යභාව විශෝධනයක් වේ.


වෙසක් සමයෙහි මෙන්ම වෙන අන් කාල පරාසයන්හිදීත් මේ සිනමා ක්ෂේත්‍රය ප්‍රේක්ෂකයන් හමුවෙහි පහල වන විට ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරයෙහි මේ අකාලික ආධ්‍යාත්මික ස්නේහය පිළිබඳ දෝංකාරය, රැව් පිළිරැව් දෙමින් ඔවුන්ගේ ප්‍රතිචාරය මානව ගුණයෙන් යුක්තව මේ නිර්මාණයට පිරිනැමේ.


“යශෝධරා” අධ්‍යක්ෂ, නිෂ්පාදක ප්‍රධාන කලා බැතිමතුන් විසින් කරන ලද නිර්මාණාත්මක දුෂ්කර ක්‍රියාවක අමතක කළ නොගෙන කුළුගැන්වීමකි.


 

සුනඛ වීරයෙකුගේ වත

සිද්ධියට පසුබිම් වන්නේ ඕස්ටේ්‍රලියාවේ කඳුකර වනගත පෙදෙසෙකි. ඒ පෙදෙසෙහි නිවසක තුන් හැවිරිදි දැරියක් වෙසෙන්නීය.


මේ කුඩා දැරිය දවසක් දා රෑ තනිවම ගෙයින් ඉවත්ව ගියාය. එසේ හුදෙකලාව ගිය තුන් හැවිරිදි බාලිකාව වනගහණයෙහි අතරමං වූවාය.
එහිදී ඈ සොයා ආ බිහිරි අඩක් අඳ සුරතල් සුනඛයා රෑ කාලය මුළුල්ලේ ඈ රැක බලාගෙන වනගතයෙහි උන්නේය.


නෑදෑ හිතවතුන් ගුවන් යානා මගින් හා සෙසු ක්‍රමවලිනුත් දැරිය සෙව්වෝය. පසුවදා එළිවුණු හැටියේ ඒ සුනඛයා ඇයගේ නිවසට ගොස් දරුවා සිටි තැනට පිරිස කැඳවාගෙන ආයේය. දරුවා බේරුණේය.


මේ සිද්ධියෙන් විශේෂයෙන්ම ඉමහත් සතුටට පත්වූයේ ඒ ප්‍රදේශයේ පොලිස් නිලධාරි කණ්ඩායමයි.
ඔවුහු ඒ අඩක් අඳ බිහිරි මැක්ස් නම් සුනඛයාට “ගෞරවණීය පොලිස් සුනඛයා” යන උපහාරය පිදූහ.


 

උතුරු කොරියාවේ නපුරු පාලක කිම් ජොං උං “සිල්” ගනීද?

නපුරු පාලකයකු වශයෙන් නම් දරා සිටින කිම් ජොං උං ගිය සෙනසුරාදා මුළුලොවම මවිත කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. “මම න්‍යෂ්ටික පරීක්ෂණ නවත්වමි. මිසයිල යැවීම නතර කරමියි” ඔහු කියා සිටියේ ජගත් ජනමණ්ඩලය විස්මයට පත් කරමිනි.
ඉතා මෑතකදී ඔහු පිළිබඳව ලියූ හියොන් සිඞ් ලීඞ් මේ නායකයා ගැන කියන්නේ මෙයයි. “මුළු ලෝකයේම මුළු මිහිතලයේම ඉතාම භයානක පුද්ගලයා ඔහුය.”


එවැන්නෙක් සිය න්‍යෂ්ටික පරීක්ෂණ සහ මිසයිල යැවීම නතර කරන්නේ යැයි හිටි හැටියේ කියා සිටි විට සමහරු එය ඉතා උත්කර්ෂවත්ව පිළිගනී.


ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ එය තමා පිළිගන්නා අදහසක් බවයි.


එහෙත් ඇතැම් විචාරකයෝ මේ කියමන තියුණු ලෙස විග්‍රහ කළහ. ඔවුන්ගෙන් ඇතැම් අය ප්‍රකාශ කළේ කිම් ජොං උං න්‍යෂ්ටික අවි පර්යේෂණය නවත්වන බව කී නමුත් දැනට ඔහු සතු න්‍යෂ්ටික අවි හා මිසයිල අත්හැර දමා සම්පූර්ණයෙන් මෙන්ම න්‍යෂ්ටික අවිහරණයෙහි යෙදෙන බවක් ඔහු කියා සිටියේ නැති බවය.


තමා සත්‍යවශයෙන්ම න්‍යෂ්ටික පරීක්ෂණ නතර කරන බව සහතික කරමින් ඔහු ඒ න්‍යෂ්ටික පර්යේෂණ ස්ථානය විනාශ කරන බවද ඒ නායකයා පැවැසීය.


“අපෙන් පැවතෙන අයට ලෝකයේ ඉතාම ගෞරවණීය හා සැපවත් පරපුර වනු පිණිස න්‍යෂ්ටික අවි රැකගෙන සිටීම අවශ්‍ය” යැයි ඔහු තහවුරු කළේය. තවත් විශේෂඥයන්ගේ මතය නම් න්‍යෂ්ටික පරීක්ෂණ අත්හැර දමන බව තහවුරු කරනු පිණිස උතුරු කොරියාව න්‍යෂ්ටික පර්යේෂණ තහනම් කරන ගිවිසුමට අත්සන් කළ යුතු බවය.


උතුරු කොරියාවේ කිම්ජොං උං ගේ “සිල් ගැනීම” ගැන අතිශයින්ම සුපරීක්ෂාකාරී ලෙස ප්‍රතික්‍රියා දක්වන්නේ ජපානයේ අගමැති ෂින්සෝ අබේ මහතායි.


අගමැති ෂින්සෝ අබේගේ ජපන් දේශයට ඉහළින් කිම්ජොං උංගේ මිසයිල ගමන් ගත්තේය. ඒ නිසා අගමැති අබේ මහතා මෙහිදී ඉතාම සුපරික්ෂාකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේය. ජපානයේ ආරක්ෂක ඇමැතිවරයා උතුරු කොරියා නායකයාගේ “සිල් ගැනීමේ” තවත් අඩුපාඩුවක් පෙන්වා දෙයි.


ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රකාශය මෙසේය.


උතුරු කොරියා නායකයා කෙටි හා මධ්‍යම දුරැති මිසයිල ගැන කථා කළේ නැත. ටෝකියෝ නගරයට ළඟා විය හැක්කේ ඒවාටයි.
උතුරු කොරියාවේ කිම් ජොං උංගේ “සිල්ගැනීමේ” ප්‍රතිපත්තිය ප්‍රායෝගික ලෙස ක්‍රියාවේ යෙදෙන්නේ සිකුරාදායි.


එදින උතුරු දකුණු කොරියා රාජ්‍යවල නියෝජිතයෝ නිල සාකච්ඡාවාරයක් අරඹති. උතුරු කොරියා නායකයාගේ නව සාමකාමී දර්ශනයේ ස්වභාවය ඉන් පිළිබිඹු විය හැකිය. එහුගේ “සිල්” ගැනීමද කෙබඳුදැයි ඉන් පළ වෙයි.


 

බි්‍රතාන්‍ය රජ පවුලට මංගල සමයක්

බි්‍රතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ 92 වන ජන්ම දින උත්සව මාලාව පැවැත්වූයේ අප්‍රේල් 21 වනදායි. ප්‍රධාන උළෙල පැවැත්වුණේ “රෝයල් ඇල්බට් හෝල්” මහා ශාලාවේයි. එය පොදුරාජ්‍ය මණ්ඩලය තේමා කොටගත් ආධාර සම්පාදක සංගීත ප්‍රදර්ශනයකි. පොදු රාජ්‍ය මණ්ඩලීය දේශ 53 නියෝජනය කළ ශිල්පීහු ඒ සන්දර්ශනයට සහභාගී වූහ. මහරැජිණට සුබ පතන “හිප්, හිප්, හිප් හුරේ” උද්f්‍යා්ග පාඨයට එහිදී මුලපුරන ලද්දේ කිරුළ හිමි කුමරුවන රැජිනගේ වැඩිමහළු පුත් චාල්ස් කුමාරයා විසිනි.


1952 කේ පටන් පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය හැටහය වසරක් පුරා ඉසිලූ මහ රැජිණ පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ පූර්ණ අනුමැතිය අනුව ඒ පදවිය සිය වැඩිමහළු පුත් චාල්ස් කුමරුට පිරිනැමුවාය.


මහ රැජිනට “උපන් දින” දෙකකි. එතුමිය උපත ලද අප්‍රේල් 21 වන දිනයත් “නිල” රාජකීය උපන්දිනය වන ජුනි මාසයේ එළඹෙන උපන් දිනයත් වශයෙනි. මහ රැජින සිය උපන් දිනය අප්‍රේල් මාසයේදී පවත්වන්නේ සාමාන්‍යයෙන් යම් තරමක සරළ ආකාරයෙනි. එහෙත් මෙවර 92 වන උපන්දිනය විභූතිමත්ව පවත්වන ලද්දේ විශේෂ හේතුවක් නිසාය. මේ සන්දර්ශනය පැවැත්වූයේ යොවුන් අයට ආධාර සම්පාදනය සඳහා පිහිටුවනු ලබන “රැජිණගේ පොදුරාජ්‍ය මණ්ඩලීය භාරකාර අරමුදල” දියත් කිරීම නිමිත්තෙනි.


මේ භාරකාර අරමුදලේ සභාපති පදවිය දරනු ලබන්නේ මහ රැජීණගේ බාල මුණුපුරු හැරී කුමරු විසිනි. හැරී කුමරුගේ විවාහ මංගල්‍යය මැයි මාසයේදී සිදුවන්නට නියමිතයි.


අප්‍රේල් 23 සඳුදා බි්‍රතාන්‍ය රජ පවුලට තවත් භාග්‍යයක් උදාවූයේය. එයට හේතුව චාල්ස් කුමරුගේ වැඩිමහළු පුත් විලියම් කුමරුගේ භාර්යාව වන කේට් කේම්බි්‍රජ් ආදිපාදිවරියට පුත්‍ර රත්නයක් ලැබීමයි.


විලියම් කේට් යුවළගේ තෙවන දරුවා වශයෙන් කුමරෙක් උපන්නේ අප්‍රේල් 23 වන සඳුදා ලන්ඩන් වේලාවෙන් පෙරවරු 11.01ටයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අපරභාග 4.05ටයි. උපන් හැටියේ කුමරා බරින් රාත්තල් අටයි අවුන්ස 7 (කිලෝ ග්‍රෑම් 3.8යි).


මේ කුමරා, බි්‍රතාන්‍ය කිරුළ හිමි රාජකීයයන්ගෙන් පස්වැන්නායි. බි්‍රතාන්‍ය කිරුළ හිමි රාජකීයයන්ගේ නම් පිළිවෙළින් මෙසේය. 1. චාල්ස් කුමරු, 2. විලියම් කුමරු, 3. විලයම් කුමරුගේ පුත් ජෝජ් කුමරු, 4. විලියම් කුමරුගේ දියණිය ෂාලට් කුමරිය, 5. අප්‍රේල් 23 වනදා උපන් ළදරු කුමරා, හයවන තැන සිටින්නේ චාල්ස් කුමරුගේ බාල පුත්‍ර හැරී (හෙන්රි) කුමරායි.


 

ජෙෆ්රි චෝසර්ගේ කැන්ටබෙරි ටේල්ස් (කැන්ටබෙරි කථා)

බි්‍රතාන්‍යයේ ඉංගිරිසි දේශයේ ප්‍රථම මහා කවියා ජෙෆ්රි චෝසර්ය. 1345 දී උපත ලැබූ චෝසර් රජ මාලිගාව හා සමග කිට්ටු සම්බන්ධතා පැවැත්වූවෙකි. රාජදූත මෙහෙයේදී පෘථුල ලෙස සංචාරයන්හි යෙදුණු චෝසර්ට් සිය දේශයේ ද රාජකීය නිල තල ලැබුණේය.


චෝසර්ගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය සේ සලකනු ලබන “කැන්ටර්බරි ටේල්ස්” (කැන්ටබෙරි කතා) නම් පොත ලියැවුණේ ඔහුගේ ජීවිතයේ අවසාන සමයේදීය. විචාරකයන්ගේ මතය නම් ඒ කෘතියේ විචිත්‍රත්වයත් හාස්‍ය රසයත් ලාලිත්වයත් එමෙන්ම තාත්විකත්වයත් නිසා ඒ නිර්මාණය අසහාය බවයි.


“කැන්ටබෙරි කතා” නිර්මාණය වන්නේ එකට ඈඳුනු කවි කථා පෙළක් වශයෙනි. එහි අතරින්පතර ගද්‍ය ප්‍රදේශත් ඇත්තේය. ඒ නිසා එය චම්පු කාව්‍යයකි.


මෙය එංගලන්තයේ මධ්‍යකාලීන යුගයේ පහළ වූ ඉතාම වටිනා සාහිත්‍යික කෘතිය සේ සැළකෙයි.


චෝසර් මේ කෘතිය සඳහා ආදර්ශය වශයෙන් ගත්තේ ඉතාලි ජාතික ලේඛක වොකෝෂියෝගේ “ඩිකැමරන්” නම් කෘතියයි.  (ඩිකැමරන් යන්නේ අරුත දින දහය යන්නයි) 


චෝසර්ගේ “කැන්ටබරි කථා” නම් ග්‍රන්ථයේ අන්තර්ගත වන්නේ කැන්ටර්බරියට වන්දනාවේ යන කණ්ඩායමක් විසින් කියනු ලබන කථායි.


ග්‍රන්ථයේ මුඛ්‍ය ප්‍රකාශනයෙන් කෙරෙන්නේ ගමනේ යෙදී සිටින වන්දනාකරුවන් විසිනව දෙනා හඳුන්වා දීමයි. මේ අය එකිනෙකාට වෙනස් චරිත ගති හා පැවතුම් ඇති කණ්ඩායමකි. වංශවතා ගැමිනායකයා ගෞරවයෙන් යුත් පූජකවරිය කටකාර මෝල්හිමියා සහ කිහිපවිටක් විවාහ වී සිටි බාත්ති කාන්තාවත් ඒ වන්දනාකරුවන් අතර වෙති.


මේ කථා කීමේ ක්‍රමය සිත් ගන්නා සුළුය. පොතේ කියැවෙන්නේ වන්දනාවේ යෙදෙන අයගෙන් විසි හතර දෙනෙකුගේ කථා පමණි. සැලසුම් කොට තිබෙන්නට ඇත්තේ වන්දනාවේ යෙදෙන 29 දෙනාගේම කථා කියන්නට විය හැකිය.


කථාව අසම්පූර්ණ වුවද ඒ අයගේ ප්‍රකාශ විචිත්‍රය. කථා කියැවෙන්නේ සෞන්දර්යයවාදී ශෛලයකින් මෙන්ම ගැමි විකට කතා න්‍යායයෙනුත්ය. චෝසර් විසින් එදා භාවිතා කරන ලද ඉංගිරිසි භාෂා ව්‍යවහාරය ෂේක්ස්පියර් කෙරේ පවා බල පෑවේය. පනස් පස් අවුරුද්දක් ජීවත්ව සිටි චෝසර් 1400දී අභාවයට පත්විය.


RECOMMEND POSTS