විෂ වළලු ඇති නිල් මුදු බූවල්ලා



ඉතා විෂ නිල්-වළලු සහිත ආකර්ෂණීය බූවලු විශේෂයක් වන මොවුන්ගේ විෂ කෙතරම්ද කිවහොත් මිනිසුන් 26 දෙනකුට එකවර දිවි අහිමි කිරීමට පවා හැක. ගොල්ෆ් බෝලයක් තරම් කුඩා ආකර්ශණීය පෙනුමැති සත්වයකු වන මෙම බූවල්ලාගේ ශරීරයේ පිහිටා ඇති නිල් පැහැති වළලු නිසාම නිල් මූදු බූවල්ලා යන නම ලැබී ඇත.

මොවුන්ගේ ප්‍රහාරයකට ලක් වුවහොත් මරණය නිසැකය. නිල් මූදු බූවල්ලාගේ විෂ නැසීමට තරම් ඔසුවක් තවමත් සොයාගෙන නැත.

ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළ තීරයේ උදම් පාෂාණ තටාකයේ ඔවුන් බහුලව දක්නට ලැබෙන අතර අප ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරයේ ද ඔවුන් ජීවත් වේ.

හොඳින් වැඩුණු බූවල්ලකුගේ දිග සෙන්ටිමීටර 20 ක් පමණ වෙයි. බර බර ග්‍රෑම් 26 ක් පමණය. ඔවුන් සාමාන්‍යයෙන් හීලෑ විශේෂයක් වන නමුත් ඉතා විෂ සහිත වේ. ප්‍රකෝපකාරී වූ විට හෝ තර්ජනයට ලක් වූ විට ඔවුන්ගේ සිරුරේ ඇති නිල් මුදු වැඩි තීව්‍රතාවයකින් දිස් වේ.

සාමාන්‍ය තත්ත්වයෙන් නිදහසේ සිටින විට, ඒවායේ වර්ණ ගැන්වීම බොහෝ විට වර්ණය දීප්තියෙන් අඩු ශ්ලේෂ්මලවල වර්ණයෙන් යුක්ත වේ. මෙම බූවල්ලාගේ සාමාන්‍යයෙන් මුදු 60 ක් පමණ ඇති අතර ඒවායේ බහු ස්ථර පරාවර්තක ඇති අතර එමඟින් නිල් පැහැති කොළ පැහැයක් ගනී.

නිල් පැහැති වළලු සහිත බූවල්ලා කුඩා කකුළුවන්, හර්මිට් කකුළුවන් (තාපස කකුළුවන්), ඉස්සන් දිවා කාලයේදී දඩයම් කරනු ලබයි. ගොදුරු හා විලෝපිකයන්ට එරෙහිව වෙන වෙනම විෂ ග්‍රන්ථි දෙකකින් ශ්‍රාවය කරන විෂ වර්ග දෙකක් භාවිතා කරනු ලබයි. එක් විෂක් කකුළුවන් දඩයම් කිරීම සඳහා භාවිතා කරන අතර අනෙක අතිශයින් විෂ සහිත වන, විලෝපිකයින්ට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා යොදා ගනී. ගොදුර මිය ගිය පසු, බූවල්ලා ඔවුන්ගේ බලවත් හොට වැනි මුඛයෙන් එය පරිභෝජනය කිරීමට පටන් ගනී.

ගැහැනු සතා බිත්තර 50-100 අතර ප්‍රමාණයක් තබා දින 50 කට පමණ පැටවුන් බිහි වන තුරු ඒවා තම සිහින්, අඩු (ටෙන්ටකල්ස්) තුරුළට ගෙන ගොස් ආරක්ෂා කරයි. පසුව බිත්තර මුර කරන අතරතුර ආහාර ගැනීමට නොහැකි වීම නිසා ගැහැනු සතා මිය යන අතර සංසර්ගයෙන් පසු පිරිමි සතා මිය යයි. ඔවුන්ගේ ආයු කාලය අවුරුදු 2 ක් පමණ වේ.

ජයනි සිතාරි අල්විස්
අන්තර්ජාලය ඇසුරින්

RECOMMEND POSTS