ගාසා දෙකඩ වෙලා



හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට දිගින් දිගටම ගුවනින් මෙන්ම ගොඩබිමින් ද පහර දෙයි.

එම ප්‍රහාර හේතුවෙන් මේවනවිට ගාසා තීරය උතුර සහ දකුණ ලෙස දෙකඩ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායලයේ අරමුණ වී ඇත්තේ ගාසා තීරයේ හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ ගාසා නගරයේ සිට දකුණු වෙරළ තීරය දක්වා මෙහෙයුම් සිදු කරන බවය.

ඊශ්‍රායල හමුදා, රෝහල්වලට, තුවාලකරුවන් රැගෙන යන ගිලන්රථවලට, පාසල්වලට සහ ගාසා තීරයේ සරණාගත කඳවුරුවලට පවා ප්‍රහාර එල්ල කරන බවට පලස්තීන වැසියෝ චෝදනා නගති.
    ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ඇරැඹුවේ මීට මාසයකට පමණ පෙර පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිටය. ඊශ්‍රායල හමුදා හමාස් සටන්කාමීන්ට පහර දීම ආරම්භ කළේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර මාලාවට පිළිතුරු දෙමිනි.

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය ගාසා පලස්තීන වැසියන් ගණන ඊයේ (5) වනවිට 9,800 සීමාව පසු කළේය. එම පිරිස අතරේ පලස්තීන දරුවන් 4,000 ක් සිටින බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS