ජීවය ඇතැයි සිතනK2-18b



පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් (අලෝක වර්ෂයක් යනු අභ්‍යවකාශයේ දුර මැනීමට යොදා ගන්නා ඒකකයයි. ආලෝකයේ වේගය තත්පරයට ආසන්න වශයෙන් කිලෝමීටර් 299,792,458 කි) දුරින් පෘථිවියට වඩා විශාල K2-18bපිහිටයි. මෙය රතු වාමන තාරකාවක් වටා භ්‍රමණය වන ග්‍රහලෝකයකි. 

විද්‍යාඥයන් K2-18b සොයාගත්තේ අද ඊයේ නොවෙයි. 2019 දී K2-18b වායු ගෝලයේ ජල අංශු ඇතැයි අනාවරණය කර ගැනීම සිදුවිය. නාසා ආයතනයේ ප්‍රබලතම අභ්‍යවකාශ දුරේක්ෂය වන ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය යොදා ගනිමින්, K2-18b ග්‍රහලෝකයේ දත්ත ලබා ගැනීමට විද්‍යාඥයන් කටයුතු කළේ 2023 වසරේදීය. එහිදී කාබන්ඩයොක්සයිඩ් සහ මීතෙන් K2-18b වායුගෝලයේ ඇති බව අනාවරණය විය.

දැන් වෙබ් දුරේක්ෂය තවත් අනාවරණයක් කිරීම සමත් වී ඇත. ඒ, ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් නමැති වායු දෙක K2-18b ග්‍රහලෝකයේ ඇති බවටය. පෘථිවියේ මෙම වායු දෙක ඇත. මේ වායු නිපදවන්නේ සාගරවල ජීවත් වන ප්ලවාංග වැනි ඇග්ලී ආදී ක්ෂුද්‍ර ජීවීන්ගෙනි. විද්‍යාඥයන්ට අනුව, K2-18b ග්‍රහලොවේ ජීවය පවතිනවා යැයි කීමට මෙය හොඳ සාක්ෂියකි. 

ලයිව් සයන්ස්


RECOMMEND POSTS