හිජාබය හරියට නැතිනම් හිරේ



හිජාබය නිසි අයුරින් නොපලඳින ඉරානයේ කාන්තාවන්ට වසර 10 ක සිර දඬුවමක් නියම කිරීමට බලාපොරොත්තු වන බව, ඉරාන පාර්ලිමේන්තුව, හිජාබය පැලැඳීම සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කර තිබේ.

ඊට අමතරව, දැඩි දඩ මුදලකට යටත් වීමට ද සිදුවනු ඇත.

පසුගිය වසරේ, හිජාබය නිසි ලෙස පැලැද නොසිටි ඉරාන කුර්දිස්ථාන තරුණියක පොලිස් අත්අඩංගුවේ දී ජීවිතක්ෂයට පත්වූවාය.

එම සිද්ධියෙන් පසු ඉරාන රජයට එරෙහිව විරෝධයක් එල්ල විය. ප්‍රචණ්ඩකාරී වූ එම විරෝධතා අවසන් වෙද්දී මියගිය ගණන 100 තෙක් ඉහළ ගියේය.

නව නීති සම්පාදනය සිදුවූයේ ඒ අනුවය.


RECOMMEND POSTS