ව්‍යාජ ගිණුම්වලට වැඩ වරදියි



ව්‍යාජ සමාජ ගිණුම් පවත්වා ගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඩුබායි පොලීසිය කටයුතු කරන බව වාර්තා වේ.

ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම්වලින් පෙනී සිටිමින් මුදල් වංචා කිරීමට බොහෝ පුද්ගලයන් කටයුතු කරන බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කළේ ය.

එවැනි ව්‍යාජ සමාජ ජාල ගිණුම් පිළිබඳව 901 දුරකථන අංකයට කෙටි පණිවුඩයක් හෝ [email protected] විද්‍යුත් ලිපිනය හරහා දන්වන ලෙස ඩුබායි පොලීසිය මහජනතාවට දැණුම් දෙයි.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS