සිරියානු ජනපති හමුවන්න කැමතියි



සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් හමුවී, සාකච්ඡා කිරීමට තමන් සූදානම් නමුත්, තුර්කි සිරියාවේ රඳවා ඇති තුර්කි හමුදා ආපසු ගෙන්වා ගැනීමට තමන් සූදානම් නැතැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.

තුර්කි ජනාධිපති එර්දොවාන් මෙසේ පැවැසුවේ සෞදියේ, කටාර් රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කිරීමට සූදානමිනි. සිරියානු සිවිල් යුද්ධයේ දී තුර්කියේ සහාය හිමිවන්නේ සිරියානු නිල විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය.

තුර්කිය කිසිම අවස්ථාවක, සිරියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් බැහැර නොවූ බව ද ඕනෑම දෙයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තුර්කිය සූදානම් බවත් තුර්කි ජනාධිපති එර්දොවාන් පැහැදිලි කර තිබේ.


RECOMMEND POSTS