වාර්ෂික ආදායම බිලියන 17.23 යි



එමිරේට්ස් ගුවන් සමාගමේ වාර්ෂික ආදායම ඩිරාම් බිලියන 17.23ක් බව වාර්තා වේ.

ඒ අනුව, පසුගිය වසරට සාපේක්ෂව සියයට 60 වඩා වැඩිවීමක් බවත්, පසුගිය වසරේ වාර්ෂික ආදායම ඩිරාම් බිලියන 10.6ක් බව එම සමාගම ප්‍රකාශ කළේ ය.

මගීන් මිලියන 51.9 ක් පසුගිය වසර පුරා රැගෙන ගිය අතර, ආසන ධාරිතාව 21.4% කින් වැඩි විය.

සමාගමේ සේවකයින්ට මාස පහක පඩිය ප්‍රසාද දීමනාවක් ලෙස ලබාදීමට සමාගම කටයුතු කර ඇත.

එමිරේට්ස් මව් සමාගමේ වාර්ෂික ආදායම සියයට71කින් ඉහළ ගොස් ඇති අතර, එය ඩිරාම් බිලියන 18.7කි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS