ගුවන් නියමුවරියක් වූ කුමරිය
රාජකීය පවුලේ පළමු වානිජ ගුවන් නියමුවරිය ලෙස ෂයිකා මොසා බින්ට් මාවාන් අල් මක්ටූම් පත් වී ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 19ක් වන ඇය සිය මංගල ගුවන් ගමන එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් පියාසර කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉන්ස්ටග්රෑම් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කර ඇත.
සිය මංගල ගුවන් ගමනට,ඇගේ මවද එක් කරගැනීමට කුමරිය කටයුතු කර ඇත.
පළමු ගුවන් ගමනට පැමිණීමට හැකිවීම ගැනසතුටු වන බවත්,ඔබේ මව වීම ගැන වඩාත් ආඩම්බර වන බව ඇගේ මව ප්රකාශ කළා ය.
ජානක ප්රියදර්ශන ජයතිලක
(GDN online - ඩුබායි නුවර)