ගංවතුරෙන් කාර් 50,000 ක් විනාශයි



එක්සත් අරාබි එමිරේට්ස් හි ඩුබායි නුවර ඇති වු ගංවතුර හේතුවෙන් කාර් 50,000ක් විනාශ වී ඇති බව වාර්තා වේ.

ගංවතුරෙන් හානියට පත් වාහන සඳහා ඇස්තමේන්තු කර ඇති මූලික රක්ෂණ අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 150 ඉක්මවිය හැකි බවත්, ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් දක්වා ඉහළ යා හැකි බව ප්‍රතිරක්‍ෂණ සමාගම් පවසයි.

රක්ෂණ හිමිකම් ඉල්ලුම් කරන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බවත්, මෙම ඇස්තමේන්තුගත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව රක්ෂණ සමාගම් පෙන්වා දෙයි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ ඕමානය හරහා ඇති වූ ගංවතුර හේතුවෙන් ඩොලර් මිලියන 850ක් දක්වා රක්ෂණ පාඩුවක් සිදු වූ බව ගයි කාපෙන්ටර් වාර්තාව පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS