ශ්‍රී ලංකා ලෝක රූ රුජින අනුදි
2024 ශ්‍රී ලංකා ලෝක රූ රුජින කිරුළ දිනා ගැනීමට, 21 හැවිරිදි සුරූපිනියක වන අනුදි මුදාරා වීරසිංහ සමත් වූවාය. ඇය NSBM පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් උපාධිය හිමිකරගත් මෘදුකාංග ඉන්ජිනේරුවරියකි.
2024 ශ්‍රී ලංකා ලෝක රූ රුජින අවසන් තරගය පසුගිය නොවැම්බර් 16 වැනිදා, කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ශ්‍රී ලංකා ලෝක රූ රුජින තරගාවලිය සංවිධානය කිරීමේ ජාතික අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරන්නේ නදීකා සෙනෙවිරත්න මහත්මියයි. මෙම තරගාවලියේදී ශ්‍රී ලාංකික රුවැත්තියන්ගේ සුන්දරත්වය පමණක් නොව බුද්ධිය පමණක් නොව, සමාජය කෙරෙහි ඔවුන් දක්වන ආකල්ප උරගා බැලීමක් ද සිදු කරයි.
Miss Mrs. Ms. සහ Elite Queen of the World යන වෙනස් කාණ්ඩ හතරකින් යුක්තව මෙවර 2024 ශ්‍රී ලංකා ලෝක රූ රුජින තරගාවලිය පැවැත්වුණේ කාන්තාවන්ගේ විවිධ කුසලතා හා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටත්, එයින්කාන්තාවන් සවි බලගැන්වීමට අවශ්‍ය ධනාත්මක වෙනසක් ඇති කරමිනි.
2024 ශ්‍රී ලංකා ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳීමත් සමඟ අනුදි, ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ලබන වසරේ මැයි මාසයේදී ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන ‘2025 ලෝක රැජින’ තරගයට සහභාගී වනු ඇත. එය ඇයට ගෞරවයක් වන අතර, ශ්‍රී ලංකාවට අභිමානයක්ද වනු නිසැකය.
අනුදි සුරූපිනියක පමණක් නොවෙයි. ඇය සංගීත විශාරද උපාධියක් හිමි දක්ෂ ගායන ශිල්පිනියකි. සංගීතයට ඇළුම් කරන ඇය එම ක්ෂේත්රයේ නව ව්‍යාපෘති කීපයක් සමඟ අත්වල් බැඳගෙන සිටින්නීය. එසේම අනුන්ගේ යහපත වෙනුවෙන්, සමාජ සේවා කටයුතු රැසකටද ඇය දායක වී සිටින්නීය. මෙය ඇගේ සුවිශේෂී ගුණාංගයකි.
අනුදි ස්වේච්ඡා ගුරුවරියක ලෙස, නොමිලේ ඔන්ලයින් ක්‍රමයට 10 සහ 11 වසර දරු දැරියන්ට තොරතුරු හා සන්නිවේදන විෂය උගන්වයි. විභාග සමත් වීමට පමණක් නොව, වෘත්තීය මඟ පෙන්වීමක්ද ලබා දෙමින්, තරුණ තරුණියන්ට තම දැනුම බෙදා දීමට අනුදි සැමවිටම සූදානමින් සිටී. ඇය ක්‍රියාකාරී රොටරැක්ටර්වරියක් ද වන අතර, කොළඹ මෙට්‍රොපොලිටන් හි රොටරැක්ට් සමාජයේ වෘත්තීය සංවර්ධන අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කරන්නීය.
අනුදිගේ අනාගතය දීප්තිමත්ය. දක්ෂතාව, කැපවීම ඇගේ ගමනට ශක්තියකි. දේශීය වශයෙන් ජයග්‍රහණ හිමි කර ගනිමින් දැන් ඇය ජාත්‍යන්තරය ජය ගැනීමට සූදානමින් සිටී. ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කරන ගෝලීය තානාපතිවරියක ලෙසිනි.