කරළියට ආ අලුත්ම අයිෆෝන් වැඩ්ඩා



සෑම වසරකම සැප්තැම්බර් මාසයේ එළි දක්වන ඇපල් Apple සමාගමේ නවතම ජංගම දුරකථන කරලියට පැමිණෙනතුරු අයි ෆෝන් i phone පරිශීලකයන් මඟ බලා සිටින්නේ නොඉවසිල්ලෙනි.ලොව පුරා පසුගිය දිනවල කතාබහට ලක් වූ අයිෆෝන් සික්ස්ටීන් ස්මාර්ට් iphone 16 smart ජංගම දුරකථන පෙළ, පසුගිය සැප්තැම්බර් 9 වැනිදා වෙළඳපොළට නිකුත් කෙරුණි. කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකින් සමන්විත i phone 16 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ එළිදැක්වීම,ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පිහිටි ඇපල් apple සමාගමේ මූලස්ථානයේදී සිදුවිය.

කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම සඳහා නිර්මාණය කරන ලද පළමු මාදිලිය iphone 16 smart යැයි ඇපල් සමාගම මෙහිදී පෙන්වා දුන්නේය. මෙහිදී i phones 16,  i phone 16 plus, i phone pro, i phone pro max ලෙස මාදිලි හතරක් වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. i phone 15 මාදිලියටඑකට වඩා, වඩා හොඳ කැමරාi phones 16 මාදිලියට ඇතුළත් වෙයි. කැමරා ෆීචස් impro කිරීම, Zooming Option වැඩි දියුණු කිරීම, පෞද්ගලිකත්වය Privecy පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම, ටෙලෙෆොටෝ ලෙන්ස් Telephoto lence කාචයක් යොදා තිබීම, ස්ටුඩියෝ කොලිටි මයික් සහ නාද රටාaudio experience ලබාදීම, අලුතින්ම හඳුන්වා දෙන කැමරා කොන්ට්‍රෝල්හරහා කැමරාවේ බොහෝමයක් අංගෝපාංග පාවිච්චි කිරීමට හැකි වීම, පළපුරුදු ඡායාරූප ශිල්පීන් මෙන් studio level ආකාරයට ෆොටෝ ගැනීමට හැකි වීමත්, 4k වීඩියෝ 120 hrtz වලින් ඩොල්බි විෂන් dolby vision ඇතුළුව, ස්ලෝමෝෂන් ක්‍රමයට ඡායාරූප ගැනීමට නවීන පන්නයේ හොඳ කැමරාවක් තිබීමත්, අනෙක් අයි ෆෝන්i phone වලට වඩා හොඳ බැටරි ආයු කාලයක් battery life තිබීමද i phones 16ඇති විශේෂත්වයකි. ඊට අමතරව, i phone 15 මාදිලියේ මෙන්ම, i phones 16 මාදිලියේ ද යූඑස්බී ටයිප් සී USB type C වර්ගයේචාජර් එකකින් සමන්විතය.

i phones 16සුවිශේෂීම අංගය වන්නේ කැමරා පාලකcontrol buttonමගින් ඡායාරූප ගැනීමේදී AI තාක්ෂණය යොදා ගනිමින් එම ඡායාරූපයේ සියලූම තොරතුරු අපට ලබාගත හැකි වීමය. උදාහරණයක් ලෙස, ඔබ යම්කිසි අවන්හලක් ඡායාරූපගත කළොත්, එම අවන්හලෙහි විස්තර, එහි තිබෙන ආහාරපාන සහ මිල ගණන ඔබට දැක බලා ගැනීමට සලස්වයි.

තවද ඔබ යම්කිසි දැන්වීමක් ගැන කියැවෙන පෝස්ටරයක් හෝ බැනරයක් හෝ ඡායාරූපගත කළොත්, එම දැන්වීමට අදාල සියලුම විස්තර, උත්සවයක් නම් එය තියෙන තැන, දිනය සහ වේලාව ආදී සියලුම තොරතුරු ඔබ ලබා දීමක් සිදුවෙයි. අවශ්‍ය නම්, එය ඔබට ඔබගේ දුරකතනයේ දින දර්ශනයටද ඇතුළත් කර ගත හැකිය. iphone 16ට ඇතුලත් මෙම අලුත්ම Camera contral button මගින් ඔබ ගන්නා ඕනෑම ඡායාරූපයක් AI තාක්ෂණය හරහා හඳුනාගෙන, එය ඔබට ගත හැකි ස්ථානය, මිල ගණන් ආදී සියලුම තොරතුරු ලබා දීමට ද හැකියාව ඇත.

i phone වලට එල්ල උණු චෝදනාව වන්නේ ස්මාර්ට් ජංගම දුරකථන වල AI නැතිනම් කෘත්‍රිම බුද්ධිය මෘදුකාංගය යාවත්කාලීන කිරීම ප්‍රමාද වීමය. i phone අලිවිය යම් ආකාරයක පහත වැටීමක් පෙන්නුම් කරන අවස්ථාවක මේ ආකාරයට ඒ අය අනුගත නව අයිපෝන් පෙළ දියත් කිරීම ඇපල් සමාගම දැඩි අපේක්ෂාවෙන් සිටි බව රහසක් නොවෙයි. නව AIමෘදුකාංගය සහිත අයිපෝන් පෙළ කුතුහලය දනවන නව යුගයක ආරම්භය වනු ඇති බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක පැහැදිලි කර තිබේ.

i phone 16 මාදිලියේ වැඩි දියුණු කළ AIමෘදුකාංගයට දුරකථනයේ කැමරාවට හසුවන දෑ වටහා ගැනීමට සහ හඳුනා ගැනීමට හැකිවන බවත් ඇපල් සමාගම සඳහන් කළේය. පසුගිය වසර අවසන් වන විට, අයිපෝන් භාවිතා කරන්නන් කෝටි 146 ක් සිටි බව වෙළඳපොළ දත්ත මගින් පෙනී යන අතර, මේ වසර අවසාන වන විට එම සංඛ්‍යාව කෝටි 156 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. i phone 16  ට අමතරව, Apple airpod 4, Airpods max , Apple watch series 10 එළිදැක්වීම ද මෙදිනම සිදුවිය.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS