බිරිඳට මොකද වුණේ? - තුර්කි ජනපති මස්ක්ගෙන් අසයි



ඇමෙරිකන් බිලියනපති ඉලොන් මස්ක් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් නිව්යෝක් නුවර තුර්කි ජනාධිපතිවරයාට අයත් නිවසේ දී පැවැත්විණි.

තුර්කි ජනාධිපතිවරයා නිව්යෝක් ගොස් සිටින්නේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය.

‘ටෙස්ලා’ මෝටර් රථ සමාගමේ ප්‍රධානියා ද වන මස්ක්, තුර්කි ජනාධිපතිවරයා හමුවූයේ තුර්කියේ තවත් ‘ටෙස්ලා’ නිෂ්පාදන සමාගමක් ඉදිකිරීම සම්බන්ධයෙනි.

මේ වනවිට තුර්තියේ ටෙස්ලා සමාගම් 6 ක් පිහිටුවා තිබේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහ ‘ස්ටාර්ලින්ක්’ ත්ක්ෂණය සම්බන්ධයෙන් ද තුර්කි ජනාධිපතිවරයා සහ ඉලොන් මස්ක් අතරේ සාකච්ඡා පැවැත්විණි.

තුර්කි ජනාධිපති එර්දොවාන් හමුවීමට මස්ක් පැමිණියේ, ඔහුගේ පුංචි පුතා ද තුරුලු කර ගනිමිනි. තුර්කි ජනාධිපති එර්දොවාන් සාකච්ඡා පවත්වද්දී ද මස්ක් සිටියේ ඔහුගේ පුතා තුරුලු කරගෙනය. එහිදී,

‘ඔබේ බිරිඳට මොකද වුණේ?’ යනුවෙන් තුර්කි ජනාධිපති එර්දොවාන්, ඉලොන් මස්ක්ගෙන් අසයි. ‘ඇය දැන් සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර. අපි දෙන්නා වෙන් වෙලයි ඉන්නේ. මමයි පුතා බලාගන්නේ’ යැයි බිලියනපති මස්ක් ඊට පිළිතුරු දෙයි.

ඉලොන් මස්ක් දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔහු විවාහ වී සිටියේ කැනඩා ගායිකා ග්‍රිම්ස් සමඟය. යුවළට තවත් දියණියක් සහ පුතෙක් සිටී.


RECOMMEND POSTS