ආර්ථික සහයෝගිතාවය වැඩි කර ගනියි



කුවේටය සහ ඔස්ට්‍රියාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රියාවේ කුවේට් තානාපතිවරයා කටයුතු කරන බව වාර්තා වේ.

කුවේටයේ 2035 දැක්ම අනුව ඔස්ට්‍රියාව සමඟ ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරන බව ඔස්ට්‍රියාවේ කුවේට් තානාපති සහ වියානාහි එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර සංවිධානවල නිත්‍ය නියෝජිත, තලාල් අල්-ෆසාම් යළිත් තහවුරු කළේය.

ආර්ථික හා කාර්මික අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කරගැනීම සඳහා  ඔස්ට්‍රියානු ෆෙඩරල් ආර්ථික මණ්ඩලයේ සභාපති, ජෝර්ජ් ක්නිල් සමඟ වියානාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවති හමුවකින් පසු කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී තානාපතිවරයා සියළු කරුණු ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS