සිරියානු නව ජනපති තුර්කියේ නිල සංචාරයක
සිරියාවේ අන්තර්වාර රජයේ නව ජනාධිපති අහ්මද් අල් ෂාරා, තුර්කියේ නිල සංචාරයකට පැමිණ සිටී. සිරියානු ජනාධිපතිවරයාට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
සිරියානු අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරා සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතර හමුව පැවැත්වූයේ අන්කාරා අගනුවර තුර්කි ජනාධිපති මන්දිරයේය.
බෂාර් අල් අසාද් පාලනය පෙරළා දැමීමට, සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දැක්වූ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමී සංවිධානයට නායකත්වය දෙන්නේ අහ්මද් අල් ෂාරා ය. සිරියානු විපක්ෂයට අල් අසාද් පාලනය පෙරළා දැමීමට, තුර්කි රජයේ ද සහාය නොඅඩුව හිමිවිය.
සිරියාවේ අන්තර්වාර රජයේ නව ජනාධිපති අහ්මද් අල් ෂාරා, තුර්කියේ සංචාරය කිරීමට පෙර, සෞදි අරාබියට ගොස් සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් රජු හමුවී මිතුදම් තරකර ගත්තේය.