පානීය ජලය ගුණාත්මකකම අතින් මුල්තැනට
කුවේට් රාජ්‍යයේ පානීය ජලය ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේ දී ගුණාත්මක අතින් ඉහළ තැනක තිබෙන බව වාර්තා වේ.
දැනට රට තුල ආරක්ෂිත ජලය ප්‍රභවයක් පැවතීම හා පුළුල් ජල සේවාවක් ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව කුවේට් විද්‍යාත්මක පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්යක්ෂ, ජනරාල් ආචාර්ය ෆයිසාල් අල්-හුමයිඩන් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් අතර ඒකාබද්ධ නිරීක්ෂණ වැඩසටහනට අනුව ඉහළ ගුණාත්මක පානීය ජලය පවතින අරාබි රටවල් අතර කුවේටය ප්‍රථම ස්ථානයට පත්ව ඇත.
පානීය ජලය සහ පිරිපහදු කළ අපජලය සියයට 100 ක් ආරක්ෂිත අයුරින් භාවිත කරන රටවල් අතරින් ලොව හයවැනි ස්ථානයට කුවේටය පත්ව ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)