එමිරේට්ස් ජනපති ඊජිප්තු යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්, ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆට්ටා එල් සිසි හමුවී ඇති බව වාර්තා වේ.

ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගන්නා ආකාරය සාකච්ඡා කර ඇති අතර, විවිධ මට්ටම් හරහා සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇත.

මැදපෙරදිග කලාපයේ වර්තමානයේ ඇති වී ඇති වර්ධනයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS