ළාබාල මන්ත්‍රීවරිය හදිසියේ මියයයි



බ්‍රිතාන්‍යයේ ළාබාල පළාත් සභා මන්ත්‍රීවරියක ලෙස ප්‍රසිද්ධියට පත් ක්ලැරිස්සා ස්ලේඞ් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

මියයනවිට ඇගේ වයස අවුරුදු 21 ක් විය. ඒ වනවිටත් ක්ලැරිස්සා විශ්ව විද්‍යාල සිසුවියක ලෙස අධ්‍යාපනය හදාරමින් සිටියාය. ඇගේ මරණය සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.

ක්ලැරිස්සා ස්ලේඞ්ට මන්ත්‍රී ධුරයක් හිමිවූයේ 2015 වසරේ පැවැති මැතිවරණයේදීය. ඒ, මිඞ් ඩෙවොන් පළාත් සභාව වෙනුවෙනි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 18 ක් විය. ඇය නියෝජනය කළේ පාලක කොන්සවර්ටිව් පක්ෂයයි.

ක්ලැරිස්සා ස්ලේඞ් මියගොස් සිටි ඇත්තේ ඇගේ නේවාසිකාගාරයේදී බව ඇගේ පියා පවසයි. ක්ලැරිස්සා ස්ලේඞ්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව බි්‍රතාන්‍ය පොලිසිය කියා සිටී.

(බී.බී.සී.)


RECOMMEND POSTS