හෙලිකොප්ටරයක් කඩා වැටී 15 ක් මියයති



රුසියාවේ එම්.අයි. 8 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි සිටි නියමුවන්, කාර්යමණ්ඩල සාමාජිකයන් සහ මගීන් ඇතුළු 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

හෙලිකොප්ටරය කඩා වැටුණේ අසල්වැසි සයිබීරියාවේ උතුරු දෙසින් පිහිටි ක්‍රස්නොයාක් පළාතේදීය. මෙම හෙලිකොප්ටරයේ ගමන් කර ඇත්තේ තෙල් පිරිපහදුවක සේවකයන් පිරිසකි. පිරිස ගමන් කළ හෙලිකොප්ටරය තවත් භාණ්ඩ එල්ලාගෙන පියාසර කළ හෙලිකොප්ටරයක ගැටී ඇති බව පැවැසෙයි. අනතුර සිදුවී ඇත්තේ ඒ නිසා යැයි රුසියානු ප්‍රවාහන අමත්‍යාංශය පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS