හිටපු ජනාධිපති ඔබාමා ජපානයේ



වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවීමට ලකලෑස්තිවෙද්දී, ඒ සම්බන්ධයෙන් ජපාන අගමැති ෂෙන්සෝ අබේ සමඟ සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ජපානයට ගොස් ඇත.

ජපන් අගමැති ෂෙන්සෝ අබේ පමණක් නොව, ජපන් රජය තරයේ කියා සිටින්නේ, උතුරු කොරියානු නායකයා ගැන විශ්වාසය තැබිය නොහැකි බවත්, උතුරු කොරියාව ජපානයට පමණක් නොව, මුළු ආසියා පැසිෆික් කලාපයටම තර්ජනයක් කියාය.

ටෝකියෝ නුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ ඔබාමා ද ඒ බව තහවුරු කළ බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

ඔබාමා ජනපති ධුරයේ සිටිද්දී, උතුරු කොරියාවට දිගටම සම්බාධක පැනැවීමක් කළේය. ට්‍රම්ප් මෙන් නොව උතුරු කොරියාව සම්බන්ධයෙන් ඔබාමා දක්වන්නේ වෙනස් ප්‍රතිපත්තියකි.

(රොයිටර්)


RECOMMEND POSTS