සෝමාලියාවේ සාගතයක්
දැඩි නිගයකට මුහුණ දෙන සෝමාලියාවේ දරුණු සාගත තත්ත්වයක් පැතිර යමින් පවතින බවත් මේ වනවිට 110 දෙනකු මියගොස් ඇති බවත් සෝමාලි අගමැති අගමැති මොහොමද් අබ්දුල්ලායි ෆර්මාජෝ පවසයි.
සෝමාලි අගමැතිවරයා මධ්‍ය හමුවක් පවත්වමින් රට මුහුණ පා සිටින නියගය සහ සාගත තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කළේය. ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහාය ඉල්ලීමට අමතක නොකළේය.
විදෙස් පුවත් වාර්තා කර ඇත්තේ මේ වනවිට සෝමාලියාවේ මිලියන 6.2 ක පිරිසක් කුසට ආහාර නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්වී සිටින බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ හැකි සෑම අයුරින්ම සෝමාලියාවට සහාය දැක්වීමට සූදානම් කියාය.
සෝමාලියාව දේශපාලනික වශයෙන් අස්ථාවර වූ අප්‍රිකානු රාජ්‍යයකි. අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්රස්තවාදීන් සහ සෝමාලි මූදු කොල්ලකරුවන්ගේ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ද රට අස්ථාවර වී ඇත.
(රොයිටර්)