සටන් විරාමය අවසන්
රාමදාන් සමය නිමිත්තෙන් ඇෆ්ගන් තලේබාන් ත්රස්ත සංවිධානය ප්රකාශයට පත් කළ සටන් විරාමය අවසන් වී ඇති බව ඇෆ්ගන් රජය පවසයි.
තලේබාන් ත්රස්ත සංවිධානයේ නියෝජිතයන්, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු තෙදින සටන් විරාමයකට කැමැත්ත පළ කළේ පසුගිය සතියේය.
එම කාලයේ තමන් ඇෆ්ගන් රජයේ සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් කිසිදු ආකාරයක ප්රහාරයක් එල්ල නොකරන බව තලේබාන් සංවිධානය ප්රකාශ කර තිබුණේය.
(රොයිටර්)