ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්, එය ණුවනට හුරු බව එම අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යූනුස් පවසයි.
දේශපාලන රැකවරණ මත එංගලන්තයට යෑමේ අරමුණින්, ෂෙයික් හසීනා තවමත් ඉන්දියාවේ රැඳී සිටී. ඒ විශේෂ ආරක්ෂාවක් යටතේය. ඇය සිටින ස්ථාන ද රහසකි. ශිෂ්‍ය විරෝධතා උත්සන්න වී, ෂෙයික් හසීනා ධුරයෙන් නෙරපා දමද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය ඇයට පිහිට විය. ඒ, මෝදි රජය සහ ෂෙයික් හසීනා අතරේ සමීප මිතුදම් පවතින බැවිනි.
ඉන්දියාවේ සිටින හසීනා, මුහම්මද් යූනුස් ප්රමුඛ අන්තර්වාර රජය විවේචනය කිරීමට පටන්ගෙන ඇත. බංග්ලාදේශ අන්තර්වාර රජය, උත්සාහ ගන්නේ, ෂෙයික් හසීනා යළි බංග්ලාදේශයට ගෙන්වා (උදර්පණය) ගැනීමටය.
හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඉන්දීය රජය සතු බවත් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස අන්තර්වාර රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කිරීමට ඉඩ තිබෙන බවත් එරට විදේශ කටයුතු උපදේශක එම්.ඩී තවුහිද් හොසේන් මහතා ප්‍රකාශ කළේය.
චෝදනා රැසක් සම්බන්ධයෙන් නඩු සියයකට වැඩි ගණනක් පනවා ඇති ෂෙයික් හසීනා තමන්ට බාර දෙන්නැයි බංග්ලාදේශ අනතර්වාර රජය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්රමුඛ ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා ඇත. ‘බංග්ලාදේශයට හසීනා ආපසු ඕනෑ. ඒ දිනය උදාවෙනකල් ඇයට ඉන්දියාවේ රැඳී සිටීමට පුළුවන්. නමුත් ඇය ඒ කාලයේ කටපියාගෙන සිටිනවා නම් ඒක නුවණට හුරුයි’ යැයි මුහම්මද් යූනුස් අවධාරණය කර තිබේ.
(එන්.ඩී.ටීවී.)